ජිමින් හිටියේ බිම බලාගෙන එයා ඇදලා එලියට ගත්ත සුට්කේස් එකක් විසිිත්තකාාමරය මැද්දේ දිගෑරගෙන, එයා ගැන වද වෙවී ඉන්න ජන්ග්කුක්ගෙ මමාගේ ඉස්සරහා හිටගෙන.
මිසිස් ජියෝන්ට එහා පැත්තෙන් බුම්මගෙන වගේ හිටියේ ජිමිනිට මේ ලෝකේ දකින්න ආසම හැබැයි මේ වෙලාවේ එයාට නොදැක ඉන්න ඕනේ, නොදැක ඉන්න තරමට හොද කෙනෙක්.
ජිමින් බුසාන් ඇවිත් දැන් දවස් දෙක තුනක් වෙනවා . මේ දවස් දෙක තුනෙනුත් වැඩි වෙලාවක් එයා කරේ ඔය කියපු දකින්න කැමතිම කෙනාගෙන් හැංගිලා ඉන්න පුළුවන් හැමදේම කරපු එක තමයි.
එයා එයාගේ කාමරේ වගේ ජක්කුක් චුටී කූ වෙලා හිටපු දවස් වල බෙදාගත්ත සතුටු මතක පිරුනු හරිම උණුහුම් එයාලගේ කාමරය අස්සේ ගුලි වෙලා කාලයට ඔහෙ ගත වෙන්න ඉඩ දුන්නා.
මිනිස්සු එයා ගැන වද වෙනවට ජිමින් කැමති නෑ. එයාට ඕනේ වෙලාව අරන් මේ ඇත්තට මුණ දෙන්න හිත හදා ගන්න. කොච්චර අමාරු උනත් ඒක එයා නොකර ඉන්නේ නෑ. එයාට බෑ හැමදාම නහයෙන් අඩ අඩ ඉන්න. ජන්ග්කුක්ගෙ මතකයේ එයා නෑ කියන දේ ජිමින් පිළිගන්න ඕනේ වගේම මේ අලුත් ජීවිතේට එයා හුරු වෙන්න ඕනේ.
ජන්ග්කුක් ජියොන් කෝපරෙශන් වල චෙයාමන් විදිහට පත්වුන විස්තරේ කොරියාවේ හැම මාධ්‍ය නාලිකාවවකම වගේ ප්‍රචාරය වෙනකොට ජිමින් හිටියේ අර හිස් කාමරේ ඇතුලේ කදුළු හලන ගමන්... ඔය දේ සම්බන්ධයෙන් ජිමින් ටේහ්‍යුන්ගේ වෙඩින් එකෙන් පස්සේ බුසාන් ආ දවසේ එයාගේ පපායි ජන්ග්කුක්ගෙ මමායි අතරේ ලොකු රණ්ඩුවකුත් සිද්ධ උනා. ඒකටත් ජිමින් හිටියේ තවත් අවුලෙන්... කවමදාවත්ම නැතිව ඒ දෙන්නා රණ්ඩු වෙන දිහා බලාගෙන ඉන්න සිද්ධ වෙච්ච එකට හරිම දුකයිත් එක්ක. ජිමින්ගේ පපා නම් හැසිරෙන විදිහ හරිම අමුතුයිත් එක්කනේ මේ ටිකේම.
හ්ම්ම්....
ජන්ග්කුකී මාධ්‍ය සාකච්ඡාවලට ඇදගෙන හිටපු අලුත්ම සුට් එකට එයා හරිම කඩඩවසම් පාටට පේනවා කියලා ඒ අස්සේ ජිමින්ගේ හිත කෑගහනවා...
එයාාගේ ස්පීච් එක පවා , එයා හොදටම ඒකට සුදානනම් වෙලා හිටියේ කියලා හොදටම පේන්න තිබ්බ එකක්. එයා හරිම ආඩම්බර පාටයි. එක ගැනු ළමයි පිස්සු වට්ටන තරම් එකක්. එතකොට ජන්ග්කුක් තමන්ගේ අලුත් පොශිශන් එක ගැන කතා කරනකකොට ජන්ග්කුක්ගේ පෙනුම ජිමින්ගෙ මතකෙට අරගෙන ආවේ අර ඉස්සරම ඉස්සර එයාට බොරුවට රවාගෙන නපුරු වැඩ කරන බෝල කුකී බබාව.
DU LIEST GERADE
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanfictionජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...