64. චූ බබා

312 81 54
                                    

සුපර් ලක්ශරී Daisy Limousine රථය ඇතුලේ ඉදගෙන හිටපු නම්ජුන් තමන්ගේ ඉස්සරහා ගුලිවෙලා ඉන්න හේසොක් දීහා බලලා ඇස් හිනී කරා. දුම්බීම එයාගේ සබ්ජෙක්ට් එකේ නැතත් මේ වෙලාවේ එයාට දැනෙන ස්ට්‍රෙස් එකට කාමින් ඩ්‍රග් එකක් , සමහර විට මත්වෙන හොද දෙයක් යූස් කරන්න තිබ්බනම් හොදයි කියලා එයාගේ බෑඩ් සයිඩ් එක කියනකොට එයා තවදුරටත් ඉවසුවේ තියෙන කේන්තියටත් එක්ක ජැක්සන්ගේ අතේ තිබ්බ ලිකර් එක ගහලා දාපු එකෙන් තමන්ගේ මොලේ තවත් අවුල්වුනා කියලා හිතන ගමන්.

යුන්ගිව සම්බන්ධ කර ගන්න කොච්චර උත්සාහ කරත් මේ රාත්‍රියේ එයා ඉන්න තැන කොහෙත්ම හොයා ගන්න බැරි එක ගැන පුදුම වෙන්න දෙයක් තිබ්බෙත් නෑ නම්ජුන්ට. ඒත් ඒ මිනිහා කරන්න හදන දේ ගැන... මෙලෝ අදහසක් නැතුව එලිවෙන්න තියන පැය ගාන ගෙවා ගන්න එක ගැන හිතනකොටත් නම්ජුන්ට පිස්සු වගේ දැනුනා.

" ආයිශ්...." නම්ජුන් තමන්ගේ අතෙ තිබුනු දුරකථන පැත්තකට විසි කරලා දැම්මා...අඩුම තමන්ගේ ආරක්ෂකයොන්ගෙනුත් මිදිලා තනියම යුන්ගි පිටත් වෙලා ගිය එක එයා කොහෙත්ම අනුමත කරේ නෑ.

අනික් පැත්තෙන් මින් හේසොක්... දැන් ඉදන් එයා ජන්ග් හේසොක් , එයාගේ උප්පැන්න සහතිකයේ සදහන් නමෙන් නැශනල් චැම්පියන්ශිප් එකට රෙජිස්ටර් කරන්නත් ඊට පස්සේ එයාව අන්ඩවර්ල්ඩ් එකට හදුන්වා දෙන්නත් නම්ජුන් කටයුතු කරේ ඇයි කියන එකත් , ස්ටේජ් එක උඩට නැග්ගම එයාගේ හියොන්ග් මින් යුන්ගි තමන් දිහා කන්ඩ වගේ බලන් ඉන්න එකට ,කොල්ලට නැති චු බරක් හැදිලා බය වෙච්ච එකෙන් ඇත්තටම වොශ්රුම් යන්න ඕනේ කියලා ස්ටේජ් එක උඩ කෑගහපු එකෙන් මිනිහා චරිතය හත්පොලේ ගාගෙන හිටියේ.

නම්ජුන් අන්ඩවර්ල්ඩ් චැම්පියන්ශිප් එකට චූ බ⁣බෙක් ගෙනල්ලා කියලා ⁣ප්‍රධාන මාෆියා නායකයින් තිදෙනා දර්ශණයෙන් ඉවත් උනාම අනික් අය විහිළු කරා කියලා හේසොක් දන්නවා. විශේෂයෙන්ම අර ජැක්සන් වෑන්ග්....

ඉතින් එයා නම්ජුන් ලගින් නොහෙල්ලී බබා වගේ යුන්ගි දිහා නොබලා ඉන්න මුලින් පරිස්සම් උනත් හෙන ගැහුවා වගේ ඊළගට මිනිහට මතක් උනේ තමන්ගේ හියොන්ග්නුත් තමන්ට නොකියපු රහසක් එක්ක මෙතන හිටගෙන ඉන්න එක හින්දා ඇත්තටම තමන් මොන බම්බුවකට කලබල වෙනවද කියලා.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now