54. නී..ල...බී..ත... චිමිනී

427 113 81
                                    


" දඟලන්න බෑ.... " කිම් සොක්ජින් කැබ් එකේ දොර තල්ලු කරන ගමන් හේසොක්ගෙ ඉන වටේ අතක් යැව්වා. ඊට පස්සේ එයා හේසොක්ගෙ ලිප්ස් වලට පුංචි හාද්දක් දුන්නා.

එයාලා හදිසියේ බුසාන් වලට ෆ්ලයි කරේම ජන්කුක්ව බලන්න. රණ්ඩු වෙවී ඇවිලි ඇවිලි හිටපු දෙන්නම සෝරාගෙ කෝල් එකෙන් පස්සේ මාර කා(ල්)ම් උනා. හැබැයි ඊළගට හේසොක් ඇත්තටම ජන්කුක්ගෙ තත්වේ දැන ගත්තම ආයෙම යකා නටන්න ගත්තා මේ දැන්ම එයාට ජන්ග්කුක්වයි ස්පේශලි එයාගෙ ජිමිනීව බලන්න යන්න ඕනේ කියලා. එයා ලෝක වදකාරයෙක් කියලා ඔයාලා දන්නවනෙ ඉතින්.

ඊට පස්සේ ජින් එයාට ටිකක් කෑගැහුවා මේ ඔක්කොම ⁣එහෙම තියෙද්දිත්, එයාව මෙච්චරක් කල් ඉග්නෝ කරපු එක ගැන හෙසොක්ට චුට්ටක්වත් මතක නැති එක ගැන...

" ඔයා මට කිව්වේ නෑ... කිම් සොක්ජින් "

" ඔයා මගෙන් ඇහුනේ නෑ... මින් හේසොක්..... "

අන්න එතනින් පස්සේ එයාලා මෙන්න මෙහෙම ⁣ජියොන් මැන්ෂන් එක ඉස්සරහා හිටගෙන ඉන්නවා.

" බේබී.... එයාට ඔයාව මතක නැතිවෙයි....ඉතින් කලබල කරන්න එපා... ඕකේ.... බිහෙව් යුවර් සෙල්ෆ්" සොක්ජින් ආයෙම වතාවක් වද වෙන සුළු ස්වරයෙන් කිව්වා.

" හියො....න්ග්.... ට්‍රස්ට් මී.... " හෙසොක් කට හාට් එකක් වගෙ හදාගෙන ආයෙම සොක්ජින්ගෙ ලිප්ස් වලට හාද්දක් තිබ්බා.

ඊට පස්සේ එයා හොද ළමයෙක් වගේ සොක්ජින්ගෙ පස්සෙන් ජන්කුක්ගෙ කාමරේ දිහාට ඇවිදගෙන යන්න පටන් අරන් තිබුණා.

.
.
.
.

තෝර පෙත්තා ලොකු ඈනුමකට පස්සේ ඇග පතෙ හිරි ඇරලා ඇදෙන් බිමට පැනලා, බාගෙට ඇරුනු දොරෙන් එලියට පැන්නා. එයා කොයි වෙලාවෙ මෙතන්ට ඇවිත් තිබුනද කියන දේ නම් මම දැක්කෙත් නෑ.
කාමරෙ එක තැනක බිම වැටුනු කතන්දර පොත් කිහිපයක සමහර පිටු තිබුනෙ දිගැරිලා.

එතකොට එයාලා හිටියේනම් දිග....ම දිග පීස්පුල් නින්දක. ජන්කුක්ගෙ ඩැමෙජ් තට්ටෙ ටිකක් ටිකක් කටු ඇනෙන කොණ්ඩ ගස්, ජිමින්ගේ සොෆ්ට්ම සොෆ්ට් බණ්ඩියක් බදාගෙන , එතකොට ජන්ග්කුක් කටත් චුට්ටක් ඇරගෙන ඇසුත් තදින් පියාගෙන තද නින්දක ගිලිලා ගිහින් තිබුණා.  සරුංගල්පාට කොණ්ඩේ විසුරුවගෙන ජිමින් ජන්කුක්ව පරිස්සමෙන් තමන්ගේ ලගට කරගෙන ඇස් පියාගෙන එයත් හොදටම දොයි... එයාලා එකට එහෙම හරිම ලස්සනයි...

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now