ජන්ග්කුක් හිටියේ ජිමින් එක්ක තරහා වෙලා ...... ඊටපස්සෙ ජිමින් එයාව යාළු කරගන්න පුළුවන් හොදම දේ කරා.
ජන්ග්කුක් හිටියේ සතුටින් එයාට එලියට යන්න පුළුවන් වෙච්ච එක ගැන. ජිමින්ට ජන්ග්කුක් ආයෙම ටික ටික දගවෙන හැටි පේන්න තිබ්බත් එයාගෙ මේ මුරණ්ඩු වැඩ වලට හේතුව තමන් ටිකක් බිසි වෙච්ච එක කියලා තේරුම් නොගන්න තරම් එයා ජන්ග්කුක් ගැන නොදන්නවායැ.
කොහොම උනත් එයා තීරණය කරලා තිබුණා ජන්ග්කුක්ව එක්කගෙන ටිකක් එලියෙ ඇවිදින්න යන්න.ඒ්කට ඉවුන්වුගෙනුත් අවුලක් ආවේ නෑ. ජිමින් හිතමින් හිටියේ ජන්ග්කුක්ට දේවල් තේරුම් කරන්න හොදම විදිහ මොකක් වෙයිද කියලා . ඉයුන්වු උනත් ජන්ග්කුක්ගෙ ලොකු ප්‍රොගස් එකක් දැක්කා. එයා ප්‍රතිචාර දක්වන හොද විදි පවා. එයාව ටික ටික එලියෙ පරිසරයට යොමු කරන එකෙ ගැටලුවක් එයා දැක්කේ නෑ.
අනික තව තව දේවල් පරක්කු වෙන එකෙන් ජන්ග්කුක්ගෙ මමා මේ වගේ දේවල් වෙනකම් බලන් නොයිද හදිසියේම එයාව අරගෙන යයි කියලා ඉයුන්වු ජිමින්ට අනතුරු අගවලා තිබ්බේ. ජිහින්ට ඉයුන්වු එහෙම කිව්වේ ඇයි කියලා තේරුමක් තිබ්බේ නෑ. ජන්ග්කුක්ගෙ මමා ජිමිනුයි ජන්ග්කුක් ගැන මොකක්ම හරි දන්නවා කියන දේ ඉයුන්වුට හිතිලනේ තිබ්බේ. ඒත් ඒක එහෙම්මයි කියලා කියන්න එයාට හරියටම බෑ. ඒත් එතන මොකක්ද අවුලක් තිබුනා.
අද දවසෙම ජන්ග්කුක්ගෙ බොඩිගාඩ්ස්ලා එයාලගෙ පස්සෙන් එන එක ගැන ජන්ග්කුක් හිටියේ හරිම නොසතුටින්. ජිමින්ට උනත් දේවල් එන්ජෝයි කරන්න බැහැනේ. ඒ උනාට එයාලට රිස්ක් එකක් ගන්නත් බැහැ. ඒ හින්දා ජිමින් එයාලට ටිකක් දුරින් ඉන්න කියන පොරොන්දුව මත ජන්ග්කුක්ට නෝට් නොවෙන්න එයාලගෙ පස්සෙන් එන්න ඉඩ දුන්නා.
ඒක අලුතින්ම ඕපන් කරපු පාර්ක් එකක් නිසා ගැවසුනෙත් ලග පාත නිවෙස් වල අය විතරයි වැඩියෙන්ම. ජන්ග්කුක්ගෙ මමාගේ මැන්ෂන් එක කොහොමත් පිහිටලා තිබනෙ ජනාකීර්ණ ප්‍රදේශයක නෙවෙයිනේ ... එතන ඉදලා පාර්ක් එකට ලොකුම ලොකු දුරක් තිබ්බේ නෑ. වැඩිපුර වෙලාවක් ගියා උනත් පරිසරයේ තිබ්බ සෞම්‍ය දේශගුණයත් එක්ක ජන්ග්කුක් පයින් යන්න කැමති කිව්වම එයාලා එහෙම කරේ මහන්සි උනොත් විතරක්, ඉක්මනට එහෙම්ම ටැක්සියක් ගන්න හිතාගෙන.
YOU ARE READING
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanfictionජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...