හැමදේම සිද්ධ වෙලා තවත් සති කිහිපයක් ගෙවිලා ගිහින් තිබුනා. පැයවලින් ගත්තොත්නම් ලොකු කාලයක් ඒක. තප්පර වලට හැරෙව්වොත් දුක හිතෙන තරම් දුර.....
ජන්ග්කුක් හිටියේ හරිම සන්තෝසෙන් මුණ පුම්බගෙන එයාගේ කෙටිම කෙටි කොණ්ඩේ ගස් එක්ක හමුදා සොල්දාදුවෙක්ගෙ පෙනුමක් එයාට ලැබිලා තිබුනේ. පරණ පුරුද්දට වගේ ලොකු බෑග් එකක් උස්සගෙන හරිම නොඉවසිල්ලෙන් තමන්ගේ ගමනාන්තයට ලගාවෙන ඊළග ගුවන් යානය ගොඩ බානකන් එයා ඇගිලි ගැන්නා.. එයා හිටියේ ගමන අතරමග දෙවනි ගුවන් යානය එනකම් යුරෝපයේ එක තැනක ජාත්‍යන්තර ගුවන්තොටුපලක නැවතිලා.
ජන්ග්කුක් ඇදගෙන හිටපු ඇදුමට එයාගේ නිරෝගී ශරීර හැඩය තවක් කැපිලා පෙනුනා. ගත වෙච්ච කාලය තුල ශාරිරිකව තවක් ශක්තිමත් පෙනුමක් එක්ක, හිටියටත් වඩා පැහැදිලි පැහැපත් පාටක් එක්ක දිලිසෙන එයාගේ හම තරුණයාව තවත් කඩවසම් බවට පත් කරලා තිබුණා.
ජන්ග්කුක්ට තනියම පුළුවන් ඉක්මනට දකුණු කොරියාවට පියාසර කරන්න අවශ්‍ය වෙලයි තිබුනේ. ඉයුන්වු පවා දවසෙන් දවස වැඩේ ප්‍රමාද කරේ එයාගෙම සෞඛ්‍ය තත්ත්වයේ හොදට කියලා ජන්ග්කුක් දැනටමත් දන්නවා උනාට තවත් කාලයක් මෙහෙම බලන් ඉන්න එයාට බැහැ.
හදිසි ගුවන් ගමනක් උනාට එයා මේ දේට ප්ලෑන් කරෙ අද ඊයේක නෙවෙයි. එයාගේ පෞද්ගලික හෙදිය කොරියාවට එනකොට දව දවස් කිහිපයක් ගත වේවී. ඉයුන්වු ළඟ තිියනවා ජන්ග්කුක් වෙනුවෙන් අරගෙන යන්න තියන තවත් වැදගත් බොහෝ දෑ. ඒකෙන් කමන්නෑ . කොරියාවට ගියායින් පස්සේ ප්‍රයිවට් ජෙට් එකක් එවන්න කියලා නම්ජුන් හියොන්ග්ට කිව්වම වැඩේ සෙට්ල්....
ඉතින් එයා හුස්මක් ගත්තා.
තවත් විනාඩි කිහිපයකින් එයා හිටියේ තමන්ගේ ගමනාන්තය දකුණු කොරියාවට කියලා සදහන් වෙන සුඛෝපභෝගි ගුවන් යානයක් බිස්නස් ක්ලාස් එකේ අසුනකට බර වෙලා හුස්මක් හෙලන ගමන්. ගත වෙච්ච කාලය මතක් වෙනකොටත් එයා හිටිය නොඉවසිල්ලේ තරම කොච්චරද කියලා ජන්ග්කුක්ට වචන කරන්න බැරි තරම්.
ඉතින් ගුවන් ගමන ආරම්භ වෙලා විනාඩි ගණනක් ගත උනා. ජන්ග්කුක් යන්තමට ඇස් පියා ගන්න ඇති.
YOU ARE READING
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanfictionජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...