ජිමින් හරිම මුරණ්ඩුයි. හරිම... මුරණ්ඩුයි. එයාට ඕනෙ වෙන දේ ඒ විදිහටම ලබාගන්නකම් එයා කරන්න පුළුවන් හැම දේම කරා.
අනතිමේ එයාට පුළුවන් උනා ලෑන්ඩ් එක මිලදී ගන්න ටේහ්යුන්ව කැමති කරව ගන්න. ජන්ග්කුක් ඉතින් බුම්මගෙන හිටියා.
" මිස්ට ලීට කියන්න මට හරිම සතුටුයි කියලා එයා එක්ක ගනුදෙනු කරන්න ලැබුණු එකට" ජිමින් කියපු දේ ටේහිය්යුන් කීත්ට කිව්වා.
"මිස්ටර් ලී ඔබතුමාව දකින්න බොහොම කැමත්තෙන් හිටියේ . ඒත් එතුමගේ ව්යාපාරික වැඩකට එතුමට නගරයෙන් පිට යන්න උනා.... " කීත් ලොකු හිනාවක් එක්ක ජිමින්ගෙ චුට්ටන් අත් අල්ල ගෙන කිව්වා. ජන්ග්කුක් ඔරවගෙන අහක බලා ගත්තා.
ජිමින් එයාට ඕනේ කලර්ස් එක්ක සම්පුර්ණයෙන්ම ගොඩනැගිල්ල අලුත්වැඩියා කරන්න ටේහිය්යුන්ට බාර දුන්නා. එයා තෝරගෙන තිබුනේ දීප්තිමත් කහ වර්ණය සහා ආදරේ පිරුණු දම් වර්ණය. සුදු වර්ණයත් ලා පීච් පැහැයත් එක්ක එයා ටේහිය්යුන්ගේ මාර්ගයෙන් සම්බන්ධ කර ගත්ක ඩිසයිනර්ට වෙන්න ඕනේ හැමදේම එයාට ඕනේ විදිහට විස්තර කරන්න කියලා ටේහිය්යුන්ට කිව්වේ අනික් දවසේ ඩිසයින ඇවිත් බිල්ඩින් එකත් ගාඩ්න් එකත් අලුතවැඩියා කරන එක ගැන ඉතුරු උපදෙස් ලබා දෙන්නම් කියලා . ඒ මුළු දවසම හරිම මහන්සි දවසක් උනා.
ඒත් හැමදේම ජිමින්ට සතුටු දැනෙන විදිහට වෙන එක තරම් තවත් සතුටක් ඒ ටේහ්යුන්ට තව තිබුනෙ නැහැ. ජන්ග්කුක් උනත් ජිමින්ගෙ කැමැත්තක් කරන්න ඉඩ දුන්නෙ දුර ප්රශ්නෙට උත්තරයක් හිතන එක පසුවට තියලා.
ජිමින්ට ටිකක් වැඩියෙන් වෙලා ලෑන්ඩ් එකෙ ඉන්න ඕනෙ උනෙ ගාඩ්න් එක හදන විදිහ ගැන අයිඩියා එකක් හිතන්න ඕනෙ නිසා.
ටේහිය්යුන්ට ලගදිම චෝයි සෝරා එක්ක වින්ටේජ් ෆොටෝශූට් එකක් තිබ්බ නිසා එයා ජිමින්ව ජන්ග්කුක් එක්ක තනිකරලා පැන ගත්තා ඒකේ එක එක වැඩ අනම් මනම් ගැන බොරු කන්දක් එක්ක. එයා මේ පාරත් ජන්ග්කුක්ගේ සාක්කුවට කලින්ම විදලා වගේ. හදිසියේ පහල වෙන අමුතු වැඩ නැතුව ටේහිය්යුන් තියෙන්න බෑනේ. අනික එයාට එයාගේ ස්කින් එක ගැන ඕනෙවටත් වඩා හිතන්න තිබ්බ හින්දා දාපු ඔක්කොම සැලෝන් අපොයින්මන්ට් ටිකට බඩගාන්නත් ඉන් පස්සේ හොද විවේකයක් ගැන හිතන්නත් ඕනේ කියලා ජිමින්ව ජන්ග්කුක්ගේ ඇගෙ ගහලා එයා යන්න ගියේ එන විදිහකට එන්න කියලා එයාගෙ වාහනෙත් ඩ්රයිව් කරගෙන...
VOUS LISEZ
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanfictionජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...