" අද රෑට වට්ටක්කයි සුදු බතුයි කන්න ලෑස්ති වෙලා ඉන්නවා තෝර පෙත්තෝ. තමුසෙගෙ ටින් මාළු එක මම දෙනවා එහා ගෙදර රිටක් වගේ කොණ්ඩයක් තියන බටු කෙල්ලට... " ටේහිය්‍යුන් තර්ජනය කරා. තෝර පෙත්තට ඒ කෙල්ල පේන්න බෑ කියලා ටේයොන්ග් දැනගෙන හිටියේ.... ඒත් තෝර පෙත්තා තමන්ගේ ඇග පුරා පිටි හල හල ගෙදර පුරාවටම දුවන එක නැවැත්තුවේනැ. එක්කෝ වට්ටක්කයි බතුයි උනත් කන්න පුළුවන් ඇති....
ජිමින් හිටියේ රතු වෙලා පිපිරෙන්න ලග බැලුමක් වගේ. එයාගේ ඇස් වල කදුළු පිරිලා හිනාවෙලා වැඩිවෙලා නහය බොත්තමක් වගේ රතු වෙලා.
" එක්කෝ අද වට්ටක්කත් නෑ බත් විතරයි ....." ටේහිය්‍යුන් ලොකු කොස්සක් අරන් ගේ වටේටම පිහදාන්න පටන් ගත්තා. එයාගේ දූවිලී පිරිසිදු කරන උපකරණය සතියකට කලින් කැඩුනා. කැඩුනා කිව්වේ කැඩුවා. ඒක තෝර පෙත්තාස්ගේ අත්හදාබැලීමක ඉතා කුඩා අතුරු ප්‍රතිඵලයක්. හරි හරි ඉතින්. එහෙම තමා දේවල් වැරදෙනවා.... අනික පූසෙක්ට කොහොමත් දේවල් එහෙට්ට මෙහෙට්ට වෙන්න , වැරදෙන්න පුළුවන්නේ .
ජිමින් තෝර පෙත්තා සන්සුන් වෙනකම් තප්පර ගානක් ඉවසලා බගන් හිටියේ එයාව අල්ල ගන්න කොච්චර අමාරුයි ද කියලා දැනගෙන හිටපු නිසා. අනික හොදම දේ උනේ තෝර පෙත්තා ජිමින්ව ගනන් නොගත්ත එක. ඒ ආඩම්බරකාරයා.... ඉස්සර නම් ජිමින් කියද්දි එයාට වෙන මුකුත් ඕනේ නෑ. ඒකට දැන්......
" ඇතියන්තම්......"
තෝර පෙත්තව අල්ලගත්ත ජිමින් බාත්රූම් එක දිහාට ඇවිදගෙන යන හැටි දැක්ක ටේහිය්‍යුන් ඒසී එක වැඩි කරලා සාලේ මැද්දෙන් පෙරලුනේ ජංගම දුරකථනය අතට ගන්න ගමන්... එයාගේ කම්මැලි කොන්දත් රිදෙනවා...
තෝර පෙත්තා නාන්න වස කම්මැලියා උනාට ජිමින් එක්ක ඉද්දි එයා හැමදාම හැසිරෙන්නේ පුදුම අහිංසක විදිහට නිසා ටේහිය්‍යුන් දන්නවා ජිමින්ට ලොකු කරදරයක් නොවී තෝර පෙත්තව නාව ගන්න පුළුවන් කියලා.
" ආ හායි මම කිම් ටේයොන්ග් .... මම දවස් දෙකකට කලින් dust cleaner vaccum එකක් ඕඩර් කරා. මට අදම ඒක ගෙන්න ගන්න පුළුවන් ද ..... පුළුවන් තරම් ඉක්මනට. නැත්නම් පූස් මයිල් කලවම් වෙච්ච තිරිගු පිටි වලට යටවෙලා මාව මැරිලා යයි ...... " අගක් මුලක් නැතුව එයා කියවන්න තියා ගත්තේ මුළු ඇගෙන්ම තෝර පෙත්තගේ අවුරුදු හතරක තාඩන පීඩන ගැන පිටස්තර salesmanට පාපෝච්චාරනය කරන ගමන්.
.
.
.
.
.
.
KAMU SEDANG MEMBACA
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fiksi Penggemarජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...