දවස් කොච්චර ගත වෙලාද කියනවනම් හේසොක් එයාගේ මිලිටරි පුහුණුවීම් සදහා මාස දහඅටේ කාලය ගත කරලා ඉවර වෙලා ඒත් ආයෙම තමන්ගේ රැකියාව විදිහට දිගටම ඒ සේවයෙහිම යෙදෙන්න තීරණය කරලා තිබුනේ. මුලින් මුලින් විතරක් නෙවෙයි දැනුත් ඉදලා හිටලා සොක්ජින්ගේන් එයාගේ තීරණය ගැන ආයේ ආයේ ප්‍රශ්න කෙරන්නේ එයාට හදිසියේ හේසොක් සේවයට වාර්තා කරාම දැනෙන පාළුව ගැන මැසිවිලි නඟන ගමන් ...ඉතින් එයාලා ඉස්සරහා ජීවිතය ගැන ඉක්මනට ප්ලෑන් කරා.. පොරොන්දු වෙච්ච බබා එන්න තව ටික දවසයි තියෙන්නේ.... ඒත් හරිම ඉක්මනට එයා අම්මෙක්ගේ බණ්ඩියෙක් එලියට ආවම බීකර සොක්ජින්ට, එයාගේ මිලිටරි මාෆියා හස්බන්ඩ් නැති පාළුව චුට්ටක් හරි මැකේවී... ඔහ්... යස්... එයාලා කසාද බැන්දේ හරියටම හේසොක්ගේ මාස දහ අට ගෙවුණු දවසේ ඒ නිවාඩු සති කිහිපයේ දවසක. ඇත්තටම ඒක ලෝකේම හෙල්ලිලා යන්න සද්දේ දාලා කාපු මගුලක්. ජනාධිපතිතුමාට කට උත්තර නැති උන හන්දා එයා තමන්ගේ වාසියට පොඩි පහේ කතාවක් කරලා පෙනී ඉදලා මංගල්‍යයට සුබ පැතුවා.
ජිමින් ජීවිතේ මුල ඉදන් පටන් ගත්තා. එයාගේ හීනේට පණ දෙන්න පුළුවන් අලුත් තැනක. බය හිතෙන අතීතයක් නැති තැනක. අද වෙද්දි එයා සෑහෙන දුරකට එයාව අරගෙන ඇවිත් ඉවරයි...
ඒ කිට්ටුවම අලුත් පුංචි ගෙදරක එයා පදිංචියට ආවේ ජියොන් මැන්ෂන් එකේ නැති එයාගෙම ගෙදරක දැනෙන නිදහසට එයා ආදරේ නිසා. මිසිස් ජියොන් කුණු කුණු ගෑවත් තරුණ ළමයි දෙන්නෙක්ගේ තීරනේ ගැන එයා විරුද්ධ උනේ නෑ.
ජන්ග්කුක් දීර්ඝ වශයෙන් කරපු මෙඩිකල් චෙකප් ගොඩකට පස්සේ හොද සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න තරමකට සුවපත් උනාම හමුදා සේවයට ඉල්ලුම් කළා. ඉයුන්වු එයාගේ සෞඛ්‍ය සම්බන්ධ දේවල් සෙට්ල් කරගන්න සෑහෙන උදව් කරා.. එයාලා දැන් එච්චර ළඟ නැතත් කතා බහා කරන පවුලේ යාළුවෝ වගේ වෙලා තිබුනේ... ඒකත් නරකම නෑ.....
හමුදා සේවය ජන්ග්කුක්ට අනිවාර්ය නොවුනත් අම්මා වෙනුවෙන් වගේම ඉස්සරහාට බාර ගන්න තියන බිස්නස් ගැන හිතුවම එයා කොහොමත් ඒ මාස ගාන ගත කරන්න කැමැත්තෙන් හිටියේ....
ŞİMDİ OKUDUĞUN
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Hayran Kurguජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...