" සමාවෙන්න සර් " මිස්ටර් පාර්ක්ගේ පර්සනල් සෙක්‍රටරි හදිසියේ කැබින් එකට කඩා පැන්නා. සාමාන්‍යයෙන් අතිශය හදිසි අවස්ථාවක් හෝ නොවලැක්විය හැකි පණිවිඩයකට තමයි එයා එහෙම කරන්නේ.
මිස්ටර් පාර්ක් හිටියේ එයාලා අලුතින්ම ඩිසයින් කරන්න හදන සුපර්මාර්කට් එකේ ඩිසයිනර් එක්ක කතා බහ කරන්න පුළුවන් මීටීන් එකකට වෙලාවක් ඩිසයිඩ් කරන ගමන්. ඒක මිසිස් ජියොන්ටත් පහසු වෙන වෙලාවක් වෙන්න ඕනේ කියන එක ගැන වදවෙන්නත් එයාට ඔය අතරේ සිද්ධ උනා හැමදාම වගේ.
විවාහයට බොහෝ කාලෙකට කලින් නම් එයාට කරන්න තිබුනු වැඩ අතර ඒක ප්‍රධාන තැනක තිබ්බේ මිසිස් ජියොන්ගේ පර්සනල් සෙක්‍රටරි හැටියට ඒක එයාගේ රාජකාරිවලින් කොටසක් නිසා. ඒත් දැන් එයා තවදුරටත් ඒ තනතුරේ නැහැ. එහෙම උනත්... අහ්....
අතීතය ගැන කල්පනා කරලා බැලුවම, මිසිස් ජියොන් එයාව විවාහ කරගන්න සහා එයා මිසිස් ජියොන්ව විවාහ කරගනන එකග උනෙ ඇයි කියන කාරණාවට හොද උත්තරයක් මිස්ටර් පාර්ක් ලග තිබබේ නෑ. වෙලාවේ හැටියට ඒ දෙන්නා අතර හොද ව්‍යාපාරික අවබෝධයක් තිබ්බා වගේම ටිකින් ටික ඒ දෙන්නගෙ පාළුව තනිකම බෙදාගන්න එයාලා පුරුදු උනත් එක්කම ඒක පැහැදිලි කරගන්න බැරි තරම් සමීප බැදීමක් බවට පත්උනා. අවුරුදු ගානක් එකම ප්‍රධානියෙක් යටතේ හිටියම අනිවාර්යයෙන්ම එයාගේ රුචි අරුචිකම් ගැන හොද අවබෝධයක් කෙනෙක්ට ලබන්න පුළුවන් . මිස්ටර් පාර්ක්ටත් උනේ ඒක. මිසිස් ජියොන් හිටියේ මිස්ටර් ජියොන්ගේ වියෝවෙන් වේදනාවට පත් වෙලා. ඉතින් තමන්ගේ අමාරු තැන් වල තමන්ව බලාගන්න කෙනෙක්ව ලැබෙනවා කියන්නේ ඒක කෙනෙක්ට ලොකු පහසුවක් ගේන දෙයක්.
ඒ අවබෝධයමයි එයාලව මිතුරන් තරම් සමීප කරලා ආදරවන්තයන් බවට , ඒක කම්ප්ලිකේටඩ් තමයි ඒත්.. එහෙම කරලා විවාහයයන් බවට පත් කරේ.
ඉතින් එයාලා විවාහ වෙන්න තීරණය කරාම හැමදේම හොදින් සිද්ධ වෙයි කියලා හිතුවට යාළුවෝ එකතු උනු තැන් වලදී පාර්ක්ට හිත රිද්ද ගන්න පුළුවන් තරම් දේවල් සිද්ධ වෙලා තිබ්බේ. දන්නවනේ එක එක තාලේ විහිළු . මුල්ම කාලෙදී තමන්ගේ බොස්ව කසාදබැදගන්න පුළුවන් වෙච්ච එකත් එයාලා අතර තිබ්බ වර්ක් ක්ලාස් ගැප් එකත් එකතු කරලා විහිළු කතා හැදුනා. කාලය යනවත් එක්ක මිසිස් ජියොන්ගේ හස්බන්ඩ් විදිහට යම් පිළිගැනීමක් එයාට ලැබුනට ඒක සාමාන්‍ය තත්ත්වයේ එකක් උනේ නෑ. හැම ඔකෙශන් එකකම හැම බිස්නස් පාටි එකකම හැම තීරණයකම ඉස්සරහින් හිටියේ එයාගෙ වයිෆ්. පාර්ක් හිටියේ ඊට අඩියක් පිටිපස්සේ . එයා කරේ තමන්ගේ වයිෆ් දෙන ඕඩර්ස් ඒ විදිහට ඉටු කරපු එක.
YOU ARE READING
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanfictionජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...