23. නපුරු බීකරයා !

745 178 46
                                    

" යා..... අයින් වෙනවා... මගේ ඇගෙන්....." ටේයොන්ග් දෙඩෙව්වේ එයාගේ ඇග උඩට බර වෙලා හොද නින්දක් දාන්න හදන හේසොක්ගේ කන් අස්සට පැනලා. එයාලා හිටියේ නර්සරි ඇරිලා ගෙදර යන පුංචි පිරිමි ලමයි වගේ හොදටම අවුල් වෙලා.

හේසොක් හිටියේ නටලම හෙම්බත් වෙලා වගේම එයා එක දිගට එයාව ගන්න එන්න කියලා සොක්ජින්ට කෝල් කරලා තිබුණා. මොණ හේතුවකටද මම දන්නේ නෑ ඒ කරදරෙත් පැටවුනෙ ජන්ග්කුක්ගේ කරට.

ජිමින් හේසොක්ව එතන දාලා එන්න බෑ කියලා නාහෙන් අඩන්න ගත්තා. ඒ අස්සේ ටේයොන්ග් තමන්ගෙ ගානට හොදට ⁣විනෝද වෙලා ඇවිත් ජිමින්ට තුරුළු උනෙ ගෙදර යන්න බලාගෙන. ඉතින් ජිමින් හේසොක් ඉන්න තැනක් ගැන සොක්ජින්ගෙන් අහන්න එයාට බල කරාම තමයි ජන්ග්කුක්ට මන්දාකිණියම පෙනුනේ. මොකෝ සොක්ජින්ට වඩා හේසොක්ගෙ වගතුග ජන්ග්කුක් දන්න බව ජිමින්වත් ටේයොන්ග්වත් දන්න එකක්යැ

ටේයොන්ග්ගේ කටින් තමන්ගෙ හියොන් සොක්ජින්ගේ නම ඇහුනා විතරයි හේසොක් පටන් ගත්තා . එයා කිව්වා එයාගේ සෙක්සි ෆ්‍රොෆෙසර්ව ගෙනත් නොසුන්නොත් ටේයොන්ග්ගේ බෙල්ට් එකෙන් එයා බෙල්ලෙ වැල දා ගෙන ස්වර්ගස්ත වෙනවා කියලා. ජන්ග්කුක් හිටියේ කලකිරිලා. ඒත් සොක්ජින්ගේ දුරකථන ඇමතුම නවත්ත ගන්න එයා⁣ට පුළුවන් උනේ නෑ. ටේයොන්ග් එයාට කෝල් කරාම එයා පුළුවන් ඉක්මනට ක්ලබ් එකට එන්න හැදුවා උනත් ජිමින් ටේයොන්ග්ට කිව්වා එයාට එන්න කියන්න එපා කියලා. ජන්ග්කුක් ඉන්නවනේ. ජන්ග්කුක්ට පුළුවන් හේසොක්ව ජින් හියොන්ට බාර දෙන්න.

ජන්ග්කුක් මූණ බෙරි කර ගත්තා. ඒත් ජිමින්ගෙ දිලිසෙන ඇස් දැක්කම එයා හැමදාම වගේ පට්ට අසරණයි.

ටේයොන්ග්ගේ කාර් රථයේ යතුර තමන්ගෙ අතට අරගෙන එක පැත්තකින් ජිමින්ගෙ අතකින් අල්ලගෙන ජන්ග්කුක් ඉස්සර උනා. හේසොක් හිටියේ සම්පුර්ණයෙන්ම ටේයොන්ග්ව බදාගෙන වැනෙන ගමන්.

ඇත්තටම ජන්ග්කුක් හරි හමන් දුශ්ඨකාරයෙක් උනානනම් ඉස්සර කරපු දේවල් වලටත් එක්ක හේසොක්ගෙන් පලිගන්න මේක මරු අවස්ථාව.

ඒත් එයා එහෙම නෑනේ.
අපේ ජන්ග්කුක් සොෆ්ටි...
ජන්ග්කුක් ජින්ගේ ගෙදර දිහාට මුලින් කාර් එක අරගෙන ගියා. මම හිතන්නේ එයා එහෙ නොගියපු තරම්.... සොක්ජින් ජන්ග්කුක් එක්ක තරහා උනාට පස්සෙ ....

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Место, где живут истории. Откройте их для себя