47. සහෝදරයෝ කිස් කරන්නෙ නැහැ !

402 105 117
                                    

ජිමින් දවස් ගානකින් කිසිම දෙයක් හරියකට කාලා තිබුනේ නෑ.

එයාව ජන්ග්කුක්ගේ ලගින් ගෙදර එක්කගෙන යන්න ටේහිය්‍යුන්ට වෙනම ගේමක් ගහන්න උනා. ජිමින්ට දවස් දෙකක් වගේ වෙද්දි රිකවර් වෙන්න පුළුවන් චෙව්ව ගමන් එයා කරේ සම්පුර්ණයෙන්ම ජන්ග්කුක් ලගින් හෙල්ලෙන්නැතුව ඉන්න තරම් මුරණ්ඩු වෙච්ච එක. ඒත් විවේකයක් නැතුව එයා දුර්වල වෙන බව හැමෝම දැනගෙන හිටියා.

එයා හැමදේම ප්‍රතික්ෂේප කරා... ටේයොන්ග් එයා එක්ක කතා කරන්න උත්සාහ කරා උනත් ජිමින් කිසිම උත්තරයක් දෙන්න හැදුවේ නෑ. එයා හිටියේ නිකන් වෙන ලෝකෙක වගේ.

එයාට ඒ දවස් ටිකෙම පුංචි හරි නිද්දක් ලැබුනෙ නෑ. ඒ හැම වතාවම එයාට භයානක හීන කරදර කරා. එයා ඇහැරෙන්නෙ මහා ගොඩාක් බය වෙලා... තනියම.... කවුරු හිටියත් එයා හිටියේ අන්ධකාරයක තනිවෙලා. පුංචි එලියක්වත් නැති සීතල ගැබුරු ආඝාදයක. ඉතින් එයාට නිදාගන්න ඕනෙ උනෙ නෑ.

ජිමින් ශාරිරිකව ගොඩාක් ඉන්ජර්ඩ් වෙලා තිබුනෙ නෑ. එයාට ලැබුනු ප්‍රතිකාර කිහිපයකට පස්සෙ දෙවනි දවස වෙනකොට එයා සම්පුර්ණයෙන්ම වගේ රිකවර් උනා. ඒ උනාට මානසික තත්ත්වය කොහෙත්ම යහපත් උනේ නෑ... කොහෙත්ම....

ජන්ග්කුක්ගේ මමා, ජිමින්ගෙ පපා වෙච්ච දේවල් දැනගන්නකොට නම්ජුන් හැමදේම සමතයකට පත් කරලා තිබුනේ. ඒක පුංචි කිඩ්නැප් එකක්. මිලියනගානක සල්ලි ගන්න කරපු. එහෙමයි තත්ත්වය විස්තර උනේ. ඒත් ජිමින්ගෙ පපාගෙ මුණ දැක්කම එයා මේ ගැන කොච්චර සැක කරනවද කියන කාරණාව පේන්න තිබුණා. විශේෂයෙන්ම ජිමින් කියන්නෙ කාගේ කවුද කියන එක එච්චරටම ප්‍රසිද්ධ කාරණාවක් උනෙ නෑ. ජන්ග්කුක් උනත් ගෙව්වෙත් රහස් ජීවිතයක්. මේ කාරණාවට මේ දෙන්නම පැටලුනු එක වගේම ජිමින්ගෙ මේ හැසිරීම් රටාව එක්ක එයා මේ කතාව කොහෙන් පටන් ගත්ත එකක් කියලද සෑහෙන්න කල්පනා කරා...

ජන්ග්කුක්ට වෙච්ච ඩැමේජ් එක කරපු කෙනා දැනටමත් හිටියේ මිය ගිහින් නිසා මේක නඩු මගට යන්න අනවශ්‍ය කාරණාවක් කියන තැන එයා හැමෝටම පුළුවන් තරම් පැහැදිලි කරා උනත් සොක්ජින් හිටියේ නම්ජුන් එක්ක හරහට. නම්ජුන් කියන්නෙ කාගේ කවුද කියන කාරණාව ජිමින්ගෙ පපාටවත් මමාටවත් රහසක් උනෙ නැති උනාට ජිමින්ගෙ පපාට ඒකත් පෙනුනෙ හරහට.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now