සෝල් නගර මධ්‍යයේ බොක්සිං තරඟ වලල්ල හා ඒ ක්‍රීඩාංගණය වටා එක්රැස්වු මහා සෙනගකගේ උද්යෝගිමත් ඝෝෂාවෙන් වටපිටාවම පිරී ඉතිරී ගොස් තිබුණා. අවට හමන සුළගත් ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතය තුළ පවා පැවතියේ අනපේක්ශිත අපේක්ෂා බොහොමයක් පෙරදැරි කරගෙන නමුත් විශිෂ්ඨ ජයග්‍රහණයක් ප්‍රාර්ථනය කරන රසික පිරිසකගේ පැහැදිලි දර්ශණයක්. ඒ දකුණු කොරියානු බොක්සින් ජාතික ශූරතාවලියේ අවසන් අදියරය.
රට පුරා සිටින හොඳම බොක්සිං ක්‍රීඩකයින් කිහිප දෙනෙකු දවස් කිහිපයක් පුරාවට ඇදගෙන ගියපු තියුණු තරඟයක අවසාන දවස අද. තරඟයේ වැඩි අවධානය දිනා ගත්ත ජාතික ශුරතා තරග.වළල්ලට නවකයෙක් වෙච්ච බොක්සින් ක්‍රිඩක ජන්ග් හේසොක්....අවසන් තුන් දෙනා අතර, යුන්ගි කිව්වා වගේම. හොද මානසික සහා කායික සෞඛ්‍යසම්පන්නබාවකිනුත් යුතුව...
හේසොක්ගේ ඇස් දිහා හරියට බැලුවොත් ඔයාට පෙනෙවී ගින්නක් ඇවිළෙන තරමට ඒ දෑස් දීප්තියෙන් බබලන හැටි. විස්තර විචාරකයන් මේ දින කිහිපයේ ඔහුව හදුන්වා දුන්නේ ජයග්‍රහණයේ හදවතක් ඇති අධිෂ්ඨානශීලී තරුණයෙක් කියලා... හේසොක්ට මේක ලේසි උනේ නෑ. එයා හිතුවට වඩා දරාගන්න හරිම අමාරු කාලයක් එයා ගත කරමින් හිටියේ. ඒත් එයා වටේට සුරක්ෂිත ආදරණීයයන් පිරිසක් එකතු වෙලා හිටිය එක එයාව තව තව ශක්තිමත් කළා.
කිම් නම්ජූන් පැත්තක හිටගෙන තරගාවලිය පුරාවටම සිද්ධ වෙන හැම මුමෙන්ට් එකක් දිහාම හොද අවධානයෙන් බලන් හිටියේ. නම්ජුන්ගේ ඇස් කෙළවරේ නිතරම පැවති උණුසුම් බැල්ම මේ වෙලාවෙත් තිබුනේ හෙසොක් ලග. නම්ජුන් සහ හේසොක් අතර ඇති බැඳීම උපදේශකයා සහ ශිෂ්‍යයාගේ බැදිමේන් එහා ගිය එකක් තරමටම සෑහෙන්න ප්‍රබළ විදිහට මේ කාලය පුරාවටම තවත් ශක්තිමත් වෙලා තිබුණා . හරියට එයාලා දැන් එක පවුලක් වගේ, එකම හීනයක්, එකම අභිලාෂයක් සාර්ථක කර ගන්නවා හැරෙන්නට වෙන කිසිම පරාජයක් භාර ගන්නේ නැති තරමටම එයාලා අදහස් බෙදාගෙන තිබුනේ. එයාලට එයාලව තේරුනා. ඒ ඒ වෙලාවට එයා කරන්න ඕනේ දේ පවා නම්ජුන්ගේ මුණ දැක්කම හෙසෙකේගෙ ඔලුවට වැටෙන්න තරම්. හරියට ඉස්සරහට නම්ජුන් ජන්ග්කුක් එක්ක තිබ්බ බැදීම වගේ.
ŞİMDİ OKUDUĞUN
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Hayran Kurguජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...