ජිමින් හිටියේ එයාගේ පපාගේ කම්පැනි එකේ රිසෙප්ශන් එක ඉස්සර තියන සෝෆාවට බර වෙලා ඉදගෙන. එයාගේ ඇඩ්වටීස්මන්ට් කම්පැනියට යන ගමන් අනික් අතට බෑ නොකියා බැරි කමට ජිමින් පපාගේ මූණ බලලා ඉක්මනට බායි කියන්න ලොකු උවමනාවකින් ඒ ගමන ආවේ...
ජන්ග්කුකීගේ ඔපරේෂන් එක ගන්න තියන දවස් ලං වෙන්න වෙන්න ජිමින් හිටියේ පිස්සු තද වෙලා වගේ. ඉයුන්වු පුළුවන් හැම වෙලේම හොද ආරංචියක් අරන් එනකම් ජිමින් දන්න දෙවියන්ට පුළුවන් තරම් ප්රේ කරා. එයා හොද භක්තිමත් මනුස්සයෙක් නොවෙන්න පුළුවන්. ඒත් එයා එයාගේ උපරිමයම විශ්වය මත තියලා එයාවම විශ්වාස කරන ගමන් හිටියේ.
ටේහ්යුන් එක්ක නවතින්න හිතන් හිටපු ජිමින්ට අන්තිමට ආයෙම ජන්ග්කුක්ගෙ මමාගේ මන්දිරේම ජීවත් වෙන්න සිද්ධ වුනත් එක්ක. ඒකනම් ජිමින්ගේ පපාගේ යෝජනාවක්. ජිමින් හිටියේ කොහොමත් පපාගේ ලොකු වෙනසක් අත්දකින ගමන්. වෙනදට වඩා පපාගේ ඇස් වලට ජිමින්ව පේන එකම එයාට හෙන වදයක් වෙලා තිබුනේ. මෙයා ඉතින් කාගෙවත් හිතක් රිද්දන්න අකමැති හින්දා ඔය ඔක්කෝම හිතේ තියාගෙන ඉන්නවා.
හේසෝක් ෆයිනල්ස් මැචර්ස් ඉවර කරපු හින්දා සොක්ජින් එක්ක පුංචි නිවාඩුවක් ගත කරන්න දවස් දාගෙන තිබුනේ. එයාගේ ආරක්ශාව ගැන සීයට දාහක් ශුවර් කරනකම් නම්ජුන් චුට්ටක්වත් ඔය වැඩේට බුරුලක් දුන්නේ නෑ. හැබැයි දැන් දැන් නම්ජුන් ඉස්සරම වගේත් නෑ.
එතකොට නම්ජුන්ට හරියන්න කිම් ටේහ්යුන් රොමැන්ටික් වෙලා ඉන්න හැටිය තමයි ජිමින්ට හිතාගන්න බැරි කෙරෙව්වේ....
ටේහ්යුන් හරි කපටියා...
එක වචනයක්වත් කියන්නේ නෑ එයාලා අතර වෙන දේවල් ගැන. එව්නට හැමදේම හරියට වෙනවා වගේ කියලා එකක් එයාගේ කම්මුල් වල පාටින්ම ජිමින්ට නොකියා කියන්න පුළුවන් .ටිකක් කල් ගත්තට ජිමින් පොරොන්දු වෙච්ච විදිහටම මිස්ටර් පාර්ක්ව මුණ ගැහෙන්න ආවා. පපාගේ " වැදගත් විදිහක ඇදුමක් අදින්න ජිමින් " කියපු කතාවට හෙන ගහන්න කියලා එයා වැඩ කරන අතරතුර ඇන්ද හොට් පින්ක් ජම්ප් සූට් එකටම මැච් කරපු ජැකට් එක එක්ක ජිමින් දැන් ඉදගෙන ඉන්නවා අර කියපු සෝෆාවට වෙලා මිස්ටර් පාර්ක්ව මුණ ගැහිලා ඉක්මනට ගෙදර දුවන්න. මොකද මේ වෙනකොට සෝරාගෙන් මේල්ස් මොනවම හරි තියෙන්න ඕනේ ජන්ග්කුක් ගැන කියලා. ඒකට දවස් හරි....
ŞİMDİ OKUDUĞUN
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Hayran Kurguජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...