" මිස් සෝරා කියන්නේ සොක්ජින් හියොන්ග් ජන්ග්කුක්ව බලාගන්න එවපු නර්ස්... එයා දන්නවා ජන්ග්කුක්ගෙ සිටුවේශන් එක දැනට හැන්ඩ්ල් කරන විදිහ... හැබැයි ජිමිනිත් දැන් සෑහෙන්න ඒ ගැන ඉම්පෲ වෙලා ඉන්නේ... " ටේහ්‍යුන් කිව්වේ පොඩි පැහැදිලි කිරීමක් විදිහට.
ඉයුන්වු යන්තමට ඔලුව හෙල්ලුවා. එයාට අවශ්‍ය උනා හැමදේ ගැනම දැනගන්න. ජන්ග්කුක් සම්බන්ධයෙන් සිද්ධ උනු හැමදේම.
" ඒක ඒ වගේ ... ආ එතකොට ක්වාන් ජන්ග්කුක්ගෙ බොඩිගාඩ්... එයා ජන්ග්කුක් ලග නිතරම ඉන්නවා . කලින් කිව්ව ඉන්සිඩන්ට් ඔක්කෝම වගෙ වෙන තැන එයායි එයාගෙ පිස්සු හෙංචයියෝ ටිකයි හිටියා අනික එතකොට ඔක්කෝම නැන්දගේ කනේ තියන්නත් ලේසියිනේ එතකොට ... " ටේහ්‍යුන් කටහඩත් එක්ක අමුතු කරලා කියෙව්වා . නෑ ඉතින් ඉයුන්වු ඔක්කෝම දැන ගන්න එකෙ වරදක් නෑ. මොකෝ එයා ජන්ග්කුක් ගැන බලන්න ඕනෙත් ඒ මිනිස්සු ටිකත් හැන්ඩ්ල් කරන ගමන්මනේ. මිසිස් ජියොන් කියන්නේ ලේසි මනුස්සයෙක් නෙවෙයි කියන දේ නම් පුංචි දවස්වල ඉදලම එයාලා හැමෝම දන්න දෙයක්....
" ජිනීත් ඉක්මනට එවී... එයා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ව බලන්න ගිහින් ආයේම... මට තෙරෙන්නේ නෑ ඒ මළකරදකාරයව දවසක් දෙකක් නොදැක්කම ජිනීට වැහෙන පිස්සුව මොකක්ද කියලා " ටේහ්‍යුන් නෝක්කාඩුවට වගේ දොඩවන ගමන් ඊළගට බැලුවේ නම්ජුන් දිහා. නම්ජුන් උරහිස් අකුළුවගෙන ටේහියුන්ව හිමීට මගැරියා. ඉතින් එයා මොනවා කරන්නද හේසොක් ගැන...
පොඩි නිශ්ශබ්දතාවයකට පස්සේ ආයෙම ඉවුන් වු එයාගෙ ප්‍රශ්න පත්තරේ දිගෑරගත්තා.
" ජිමින්ගේයි ජන්ග්කුක්ගෙයි රිලේශන්ශිප් එක මොනවගේ එකක්ද" එයා ටේහ්‍යුන්ගෙන් ඇහුවා.
أنت تقرأ
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
أدب الهواةජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...