83. ෆර්ෆෙක්ට්ලී ඉම්ෆර්ෆෙක්ට්

249 56 23
                                    

පාර්ක් ජිමින් රෝස වෙච්ච කම්මුල් වෙව්ලන තොල් එක්ක හරියටම හිටගෙන හිටපු තැන එයාගේ ඉස්සරහාට වෙලා ඉන්න ජන්ග්කුක්ගේ මමා දිහා බැලුවේ හරිම වේදනාවෙන්...

එයා යම් සිදුවීමක් වෙන බව දැනගෙන හිටියා...

ඒත් කවමදාවත් හිතපු නැති දේවල් ගොඩාක් එයා වටේ මෙහෙම සිද්ධ වෙන්නේ කොහොමද

ජිමින්ට හුස්ම හිරවෙනවා වගේ දැනෙනකොට එයා හිතලා බැලුවා තව එක පාරකට හරි තමන්ට කරන්න පුළුවන් විදිහෙ දෙයක් තියෙවිද කියලා.

එතන තිබුනා එයාට අදාල වෙන්නේ නැති ගොඩාක් දේ.... කොටස් පැවරීම් දේපල පැවරිම් එක්ක ඒක ලොකු ගණුදෙනුවක් සිද්ධ වෙන තැනක් විදිහට තමයි පේන්න තිබ්බේ.

ජිමින්ගේ පපා එයා තමයි මෙතන හිටපු ලොකුම පාවා දෙන්නා....

එයා හදන්නේ එතකොට සම්පුර්ණයෙන්ම ජිමින් බංකොලොත් කරලා දාන්න ද ..... තමන්ගේම දරුවාගේ තනි ඉපැයීම් එයා කොහොමද ⁣එහෙම හේරාගේ අතට යන්න දෙන්නේ. අනික මේ පවුල් අතර තියන දනස්කන්දයනුත් එක්ක හරිම පුංචි වටිනාකමක් හිමිවෙන තැනක් ගැන එයාලා හරිම උනන්දුවෙන් වැඩ කරන්නේ ඇයි.

"..... මගේ එකම පුතා.... පාර්ක් ජිමින්.... ලී හේරා විවාහයට මගේ සුබ පැතුම් නැවතත් ... ඒ වගේම... නිල වශයෙන් මෙම දේපළ අද දින ඔහු වෙත පවරා දීම සිදු කරන්න ලැබීමත් මට විශාල සතුටක්.... " මවාගත්ත කටහඩකින් මිස්ටර් පාර්ක් කියකකොට ජිමින් ඇගිලි තුඩු තද කර ගත්තා.

ජිමින් හිටියේ වෙන දෙයක් අදහගන්න බැරි වෙලා.... ගොඩනැගිලි දේපල ගැන සම්පුර්ණ අයිතිය පිළිබඳව ප්‍රශ්ණ කිරීම් ආවේ අද ඊයෙක නෙවෙයි... ඒක නිත්‍යානුකූල මිලට ගැනීමක් උනත්, තවදුරටත් ඒ සම්බන්ධ යම් යම් ලිපි ලේඛන ගැටලු පැවතුනු බව ජිමින් දැනුවත්....

ෆ්‍රැන්ක් ලීගේ අතුරුදහන් වීම එක්ක ඔය දේපල සම්බන්ධයෙන් ආපු ගැටලු සම්පුර්ණයෙන්ම හැන්ඩ්ල් කරේ ෆෙලික්ස්... අඩුම ජිමින්ට මතකයක්වත් තිබුනේ නෑ එයා ඒක මිලට ගත්තේ ෆ්‍රැන්ක්ගෙන් ද කියලාවත් ...

ඒ ඔක්කොම විස්තර දාලා තිබුනේ... ඒ හැම එවිඩන්ස් එකක්ම... ඒක.....ඒ හැමදේම ...... තිබුනේ ඔය ෆයිල් එක ඇතුලේ.... ෆෙලික්ස් අද අරගෙන ඇවිත් තියනවා කියපු එක ....

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )حيث تعيش القصص. اكتشف الآن