61. ටේහ්‍යුන්ගේ පඩි පැකට් එක

300 91 38
                                    

ඔයාලා හිතන්නේ ජන්ග්කුක්ගෙ පිසිකල් ටෙස්ට් ටික කරගන්න ඉයුන්වුට හරි ලේසී වෙන්න ඇති කියලද ... නෝ.....වේ...... මනුස්සයා අල්ලපු අඩව්වේ හැටියට සොක්ජින්ටවත් එයාව කන්ට්‍රෝල් කරගන්න බැරි උනා. ජන්ග්කුක් චුට්ටක්වත් විශ්වාස කරේ නෑ රතුකුරුස සංවිධානයේ කෙනා එයාගෙ ඩොක්ට වෙන්නයි හදන්නෙ කියන එක.

අඩුම ජිමින් .... ජිමින් කියන දේ වත් එයා ඇහුවේ නෑ. එයා හිටියේ තනි මතයක. එයා හිටියේ එයා දන්න දේවල් එකිනෙක ගලපගන්න ගමන්. එයා හරියටම දැනගෙන හිටියා ඉයුන්වු කියන්නේ එයාට ලොකු ත්‍රෙට් එකක් කියලා සහා එයා ඒක එහෙම විශ්වාස කරන්න පටන් ගත්තේ ජිමින් එයාව හග් කරපු එක දැක්ක වෙලාවෙමයි.

⁣ටේහියුන්ට හිටියේ යකා නැගලා. මනුස්සයා ජිමින් වෙනුවෙන් හවස දා ගත්ත ඩොක්ට අපොයින්මන්ට් එක දිහා බලලා ඒක කැන්සල් කරනවද නැද්ද කියලා සෑහෙන්න හිතුවේ එයාලට ජන්ග්කුක්ගෙ නාහෙට නාහන වැඩත් එක්ක ජිමින්ව ඩොක්ටර්ට පෙන්නන්න බැරිවෙයි කියලා හිතිලා. ඒත් ඊළග තප්පරේ ටේහ්‍යුන් තමන්ගේම ඔලුවට එකක් ගහගත්තා.

ඊට පස්සේ එයාගෙ දුබුරු ක්‍රෙල් කොණ්ඩේ ගස්සන ගමන් ජිමින් එල්ලිලා මොනවදෝ කියවන ජන්ග්කුක්ගෙ කාමරේ දොර ළගට ඇවිදගෙන ගියා...

" කු....කී ප්.....ලීස් දොල අලින්....න.....කො...හ්......." ජිමින් හිටියේ බාගෙට අඩන ගමන් වගේ. එයා මෙච්චර අවුල් ප්‍රතිචාරයක් ජන්ග්කුක්ගෙන් බලාපොරොත්තු උනේ නෑ. මුණ එල්ලගත්ත සොක්ජින් එක්ක තවදුරටත් ඉවසන ඉයුන්වු එතන හිටගෙන හිටියේ සිද්ධිය ගැන ඇහැගහගෙන ඉන්න ටේහ්‍යුන් කියන විදිහට නම් , ක්වාන්ගේ හෙංචයියෝ ටිකත් එක්කමයි....

පැය බාගෙකට වඩා හතරපස්දෙනාම ජන්ග්කුක්ට දොර අරින්න කියලා පාද නමස්කාරය නොකරපු එක විතරයි.

" යාහ් .... මිනී බේබී අයින් වෙන්න " ටේහ්‍යුන් ජිිමින්ව යන්තමට පැත්තකට කරා... ජිමින් කදුළු පුරවගත්ත ඇස් වලින් ටේහ්‍යුන් දිහා බැලුවා....

" ජිමින් පැත්තකට වෙන්න.... " ටේහ්‍යුන් කිව්වා.... "යාහ්... ශිබල්! " ටේහ්‍යුන්ගේ ජිමින්ව බලෙන්ම වගේ ඇදලා පැත්තකට කරලා දොරට ඇලිලා වගෙ හිටගෙන මහා හයියෙන් කෑ ගැහුවා....

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Donde viven las historias. Descúbrelo ahora