ඒක බ්ලඩී බියුටිපුල් හවස් යාමයක්....
කළු කොණ්ඩ චිමිනි හිටියේ එයාගේ හොදම යාළුවගේ වෙඩින් එකේ දෙවනි මනමාලයට ඇදගත්තා වගේ උනාට ටේහ්‍යුන්ගේ වෙඩිමට දෙවනි මනමාලයෝ හිටියේ නෑ. මල් හලන්න පොඩි එවුන් හිටියෙත් නෑ. අනික දෙවනි මනමාලයෙක්ව අරන් මොකටද මලත් නම්ජුන්ව වෙන කාටවත් දෙන්න එයාට ඕනේ උනේ නෑ. ඉතින් ඇත්තටම දෙවනි මනමාලයෝ ලබ්බට කෝටු හිටවන්න ද...
ජිමින්ගේ කොණ්ඩේ ලස්සන පීරලා අතට ජ්වෙලරි දාලා පපුව මැද පේනවා වගේ කළු සුට් එකක් ඇදලා එයා අද හරි මැචුව පාටයි. හුරතල් අර කම්මුල් විතරයි. තවම හැඩ ගැන්වෙන ටේහ්‍යුන්ගේ ලස්සන දිහා බලාගෙන එයා භාවනාවක පැටලිලා ගිහින්....
හේසෝකී ඇවිත් හිටියේ දැනට කසාදෙට කේස් දාන්නෑ කියලා පොරොන්දු කර ගත්ත එයාගේ බීකර බෝයිෆ්‍රෙන්ඩ් එක්ක. එනකම් හෙසොක් නෙවේ වචනයක්වත් කිව්වේ මේ ගැන සොක්ජින්ට. එයාලා ඇදලා හිටියා ගැලපෙන පාට ලස්සන සුට් දෙකක්. හැබැයි ගැලපුනෙත් පාට විතරයි. හේසොක්ගේ ඇදුම් හරිම කාඩයි. එයා ඉන්නවා දම්වැල් එල්ලන් තඩි ඇදුමක් ඇදලා මැර පොර වගේ. සොක්ජින් ඉන්නවා සිරා ෆ්රොෆෙසර් කාරයෙක් වගේ ගැම්මට ලස්සන ලා නිලකට හුරු බ්ලෙසරයක් දාලා.
පල්ලියේ දෙවගැතිවරයට අමතරව එතන තව නම්ජුන්ගේ මැනේජර් හිටියා. ටේහ්‍යුන් රේචල්, එයාගේ මැනේජර්ට මේ ගැන කියලා තිබුනු නිසා එයා තමයි මනාල යුවළගේ ඇදුම් ගැන හැමදේම බලා ගත්තේ.
දෙවගැතිවරයත් එක්කම වගේ මින් යුන්ගි එයාගේ සුපුරුදු සීතල බැල්ම හෙසොක් දිහාවට පා කරන ගමන් නම්ජුන් ලගින් හිට ගත්තා.
" එයා මොකද එතන කරන්නේ " සොක්ජින් හේසොක්ගේ කනට මිමිණුවා.
" ආයිශ්... එයාලා පරණ යාළුවො මං හිතන්නේ..." හේසොක් එක ඇහැකින් නම්ජුන්ව පෙන්නුවා. " ඒත් වෙඩින් එකට අපේ හියොන්ට එන්න කියලා තියෙන්නේ ටේහ්‍යුන්... එයාලා යටින් යටින් ලොකු ගේමන් ගහනවා වගේ " හේසොක් කිව්වේ හොර පාටට. ඔය මාෆියා වැඩ කටයුතු හෙනම කම්ප්ලිකේටඩ් එව්වා....
නම්ජුන් එයා වෙනුවෙන් ඩිසයින් කරපු සුදු හා දුබුරු පැහැ මිශ්‍ර ඇදුමේ පැත්තක තිබුනු හයසින්ත් මල් කිනිත්ත දිහා බලලා හිත සන්සුන් කර ගත්තා.
YOU ARE READING
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanfictionජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...