84. දැනට දන්න හැමදේම

222 47 11
                                    


"....කිම් නම්ජුන්ශි...... කරුණාකරලා දැන්වත් අපි මේ ගැන කතාකරන්න ඕනේ "

ටේහියුන් හිටියේ එයාගේ හස්බන්ඩ්ගේ මොළේ කාලා ඔලුව පලනවද ඔලුව පලලා මොළේ කනවද කියලා හිතා ගන්න බැරිව.

ඊයේ රෑ දවසේම ටේහියුන් මේ ගෙදර තට්ට තනියම . එහෙම කියන්නත් බෑ ඉතින්. එයා දන්නවා නම්ජුන්ගේ විකාර ආරක්ශක සලබ හමුදාව මේ වටකර කොහේ හරි අහුමුල්ලක ගස් බෙනේක වහලයක් උඩට වෙලා ඉන්නවා කියලා . පව්නේ එහෙම කරන්නේ. කිව්වනම් ගෙදරටම එන්න කියලා හදලා දෙනවා හොද වට්ටක්කා සුප් එකක් රස්නෙට.

හරිම අසාදාරණයි. හා නැද්ද.  අපි මේ ටික කතා කරලා විසදගමු. මෙතන පිස්සු , පිස්සු දේවල් හෙන ගොඩක් තියනවා පේනව ද.

එක සොක්ජින් හියොන්ගේ මැසෙජ් එක. දවස් කිහිපයකට එයා ගැන ආරංචියක් නැති උනොත් හොයන්න එපා කියපු... නම්ජුන් කියපු විදිහට එයාලා බොහොම ආරක්ශිතයි. එයාලා? අයි මීන් යු ක්නෝ. පොඩි සොකී සහා නාකි සොකී....

ඒත් ඒ කාගෙන්ද මොකටද ඇයි මොකද උනේ හේසොක් ගුටි කාලා මැරිලා වැටුන් නැද්ද ඒ පණ්ඩිතයා කාව හරි මැරෙන්න ගැහුව ද එතකොට තමන්ගේ එකම හියොන්ග් මොන ලබ්බකටද ඒ අස්සේ රිංගන්න ගියේ. එහෙම යන්න පුළුවන් ද එහෙනම් මාව එක්ක නොගියෙ ඇයි. බෑනේ බත්ඩේ එකනේ..... එතකොට එයා ජිමින්ගේ බත්ඩේ එකට යනවා කියලා නම්ජුන් දන්නව ද. නම්ජුන් එතනට ආවේ මොණ වෙලේද... එතකොට හදිසියේ එතනට කඩා පැනපු නිල ඇදුම් ඇදගත්ත පොලිසියේ උදවිය ජිමින්ගේ පපාව වගේම මිස්ටර් ලීවත් ඇරෙස්ට් කරේ ඇයි... ඒ ඇයොන්ට මේ මාෆියාකාරයො එක්ක තියෙන ගණුදෙනුව මොකක් ද....

ආ... ජන්ග්කුක්ගේ මමා.... " ඔයාගෙයි මගෙයි සම්බන්ධය මෙතනින් ඉවරයි පාර්ක්" කියලා කිව්වේ කොහොම ද.  ඩිවොස් පේපර්ස් එයාගේ අතටම ලැබෙන්න සලස්වනවා කිව්වත් එක්ක.

එතකොට ජිමින් .... ඒ ගැන බය වෙන්න දෙයක් නෑ කියලා හිත හදා ගමු. අර ඔල මොට්ටල ජන්ග්කුක් ඒ මිනිහා... ⁣ජිමිනිව උස්සගෙන එයාගේ කාමරේට ගිහින් දොර වහගත්තා විතරයි... එයාලා කාටවත් කොච්චර කතා කරත් ඇතුලට යන්න ඉඩක් දුන්නේ නෑ ඒ හාදයා....

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Onde histórias criam vida. Descubra agora