71. මට ඔයාව ගොඩාක් මතක් වෙනවා

320 75 20
                                    

නම්ජුන් එයා පැලදගෙන හිටපු අවුකණ්නාඩිය ගලවලා පැත්තකින් තිබ්බා. ඒ වෙනකොටත් සමාරම්භක උත්සවය අවසන් වෙලා පළමු වටයේ තරඟ පටන් අරගෙන තිබුණේ. හෙසොක්ගේ ෆර්ෆෝමන්ස් හොද තත්ත්වයක තිබ්බා උනාට මේ මොහොත ගැන නම්ජුන්ට චකිතයක් නොදැනුනාම නෙවෙයි. මේ පලවෙනි වතාව . අවසාන පස්දෙනා අතර හේසොක් ඉන්න ඕනේ. එක අතනට මේ පාර අන්ඩවර්ල්ඩ් මැචර්ස් වලට කණ්ඩායම් පහක හයක සාමාජිකයෝ එකතු වෙන එකෙන් රූල්ස් වෙනස් වෙච්ච එක නම්ජුන්ගේ හොදට ගියා වෙන්නත් පුළුවන් . නැතුව අන්තිම වෙනකම්ම හෙසොක්ට මේක අල්ලගෙන ඉන්න පුළුවන් වෙයිද කියලා දෙගිඩියාවෙන් කල්පනා කරලම නම්ජුන්ට මේ දවස් ටිකම පිස්සු වගේ දැනුනේ.
එයාට ⁣ඇත්තටම හෙසොක්ව විශ්වාස කරන්න ඕනේ. ඒත්... එයාට එයාවවත් විශ්වාස නැති මොහොතක වෙන කොනක්ව විශ්වාස කරන එක ගැන හිතන්නෙවත් කොහොමද.... එයාට මේ වෙලාවේ ඕනෙ කලේ එයාගෙම හිත හදාගන්න පුළුවන් විදිහක්. ඒත් එයාට තවම ඒ මොකක් වෙන්න ඇති ද කියන දේ ක්ලියර් වෙලා තිබුනේ නෑ.

නම්ජුන් තරග වලල්ලේ කොනකට ඇස් යොමු කරලා සුසුමක් පිට කරා. හෙසොක් ඉන්නේ චකිතයෙන් කියලා එයා දන්නවා. එයාව දැක්කම ඕනෙම කෙනෙක්ට ඒ සුදානම් නැති ගතිය පේන්න පුළුවන්. මේ වෙලාවේ හේසොක්ගෙන් මුකුත් අහලා එයාව තවත් නර්වස් කරවන්නත් බැහැ. හෙසොක්ට මේක නිකන් කරකවලා අතැරලා වගේ ඇති කියලා නම්ජුන්ට නොහිතුනත් නෙවෙයි. ඒත් දැන් ආපස්මට ඒමක් නෑ. ඉස්සරහට ගමනක් විතරයි.

කුඩා බීප් හඩක් නංවමින් දුරකථන නාද උන නිසා නම්ජුන් තමන්ගේ අවුල් සහතල සිතුවිලි වලින් සම්පුර්ණයෙන්ම සාමාන්‍ය ලෝකෙට කඩාගෙන වැටුණා.නම්ජුන් තමන්ගේ දුරකථන තිරයට නෙත් යොමා ගෙන එයාට ලැබුනු කෙටි පණිවිඩය පරික්ෂා කරා.

ටේහ්‍යුන්ගෙන්... නම්ජුන්ගෙ මුණ යන්තමට එලිය වැටිලා නැතිවුනා. කෙටි පණිවිඩයෙන් ටේහ්‍යුන් හෙසොක් ගැන අහලා තිබ්බා. එයාගෙ වැඩ ඉවර නිසා එයා සොක්ජින් එක්ක ග්‍රෑන්ඩ් ස්ටේඩියම් එකට එන බවත් එයා කියලා තිබ්බා... යුතුකමට වගේ මම කියන්නේ.

ඉතින් නම්ජුන් අනික් අතට ටේහ්‍යුන්ගෙ අන්කය ඩයල් කරා.

" නම්ජුන්ශි....."

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now