" ඔයා එයාලව බලන්න යන්නෙ කවදා වගේද " නම්ජුන් තමන්ගේ ඉස්සරහා ඉදගෙන ටූත්පික් එකක් කටේ ගහගෙන ඉන්න කඩවසම් තරුණ හාදයගෙන් ඇහුවා.
" දන්නේ නෑ... මට වෙලාවක් නෑ. " ටේහ්‍යුන් කිව්වේ නම්ජුන්ව ගානකටවත් ගන්නේ නැතුව.
නම්ජුන් තමන්ගේ අත් තදින් මිටමොලව ගත්තා. එතකොට එයා ඇදගෙන හිටපු රිලැක්ස් ටී ශර්ට් එකත් එක්ක එයාගේ මසල්ස් පිම්බෙන හැටි ටේහ්‍යුන් දැක්කා.
එයාට මේ කමකට නැති පණ්ඩිත නසරානි දිග දණ්ඩා එක්ක ඉවසන්න සිද්ධ වෙනවා. රිලැක්ස් නම්ජුන්.... කමක්නෑ."ටේහි්‍යුන්ශී..... " නම්ජුන් බොරු හිනාවක් මවා ගත්තා. එයා අද්‍යනය කරපු දේවල් නිවැරදි නම් ටේහ්‍යුන්ගෙන් දෙයක් දැනගන්න එයාට හොදට සලකන්න වෙනවා කියන දේ එයා දැනගෙන හිටියා. ටේහ්‍යුන් හරිම ආඩම්බර මනුස්සයෙක්. හැබැයි ජිමින් එක්ක ගත්තම එයා ජිමින්ට කොච්චර ලගද ආදරෙයිද ලැදියිද කියන දේ එක්ක ටේහ්‍යුන් ඇතුලෙ ඉන්න සොෆ්ට් මනුස්සයා එලියට පනිනවා. නම්ජුන් ටේහ්‍යුන් ජන්ග්කුක්ගෙන් සල්ලි ඇදපු හැටිත් ලාවට දැනගෙන නොහිටියා වෙන්න බැහැනේ. අනික ටේහ්‍යුන් දගයි. හරිම ෆ්ලටී ෆනී.... තව.... ඔහ් චුට්ටක් ඉන්න චුට්ටක් ඉන්න මිස්ට කිම් නම්ජුන්. එයා ටේහ්‍යුන් ගැන දැන් ඕනෙවට වඩා දන්නවා කියලා එයා අපට පෙන්නන්න හදනවා කියලා ඔයාට හිතෙන්නැද්ද.
වටේවර් .... නම්ජුන්ට මේ වෙලාවේ රීච් කරන්න පුළුවන් එකම කෙනා ටේහ්‍යුන් . ඒක තමා වැදගත්ම දේ.
" ටේහ්‍යුන්ශී.... මේක හරි වැදගත් .... " නම්ජුන් කතා කරන්න පටන් ගන්නකොට ලක්ෂරි පාට කොෆී ශොප් එකේ පහසු සෝෆාවකට ගුලි වෙච්ච ටේහ්‍යුන් එයාගේ ලේස් ගැටගහපු සපත්තු දෙක දිහා දුකින් බලන් හිටියා. නම්ජුන් හුස්මක් හෙලුවා.
ටේහ්‍යුන්ගේ සපත්තු ඒවා දිලිසෙනවා. අනිවාර්යයෙන් ඒක පට්ට ගනන් බ්‍රැන්ඩ් එකක්. වැඩේ කියන්නේ සපත්තුවේ අඩියට වෙන්න තියන නම්ජුන්ට හරිම හුරු සන්නාම සලකුණ. නම්ජුන් කවදාවත් නැතිව කටකොනකින් හිනාවෙන හැටි ටේහ්‍යුන් බලන් හිටියේ පුදුම වෙලා. නම්ජුන් එයාව මුණ ගැහෙන්න ඕනෙ කියන කොටම ටේහ්‍යුන් පුදුමඋනා කියලා කියන්න මට ටිකක් අමාරුයි. මොකද මිනිහා ජිමින්ගේ ඕපාදුප ටික අහගන්න ටේහ්‍යුන් එක්ක චැට් එකක් දාන්න පුළුවන් කොයි වෙලේද කියලා හිත හිතා ඉන්න වෙලාවක් ඒක කියලා ටේහ්‍යුන් දන්නවා . සිද්ධ වෙච්ච දේවල් එක්ක නම්ජුන් කවුද කින්ද මන්ද කියලා නොතෙරෙන්න නොවැටහෙන්න තරම් පිස්සු මෝඩයෙක් නෙවෙයි ටේහ්‍යුන් කියන්නේ.
VOCÊ ESTÁ LENDO
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanficජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...