ඔයා උදේම සුරංගනා සුවදකටයි පහසු හුස්මක් වැදෙන තාලෙකට පරිස්සමෙන් හුස්ම ගන්න ලස්සනම ලස්සන පීච් ගෙඩියක් තුරුළු කරගෙන ඇහැරුනොත් ඔයාගේ ජීවිතේ මොනවගේ වේවීද
ජියොන් ජන්ග්කුක් මහත්තයත් හිටියේ උදේ පාන්දර ඇහැරගෙන එයාගේ පපුව උඩ හොදට වැඩිලා හුස්ම තියන ලස්සන පීච් ගෙඩියේ කම්මුලක් පරිස්සමෙන් ඉබින ගමන්.
ජීවිතේ කොච්චර කාලයක් එයා බලාගෙන හිටියද ජිමින්ට ආදරෙයි කියලා කියන්න. ඒකට කන්ෆිඩන්ස්ම හදන්න එයාට විසිඅවුරුදු එක්කෝටී විසි බිලියනයක් ගියා.
ජිමින් හිටියේ හරි සැපට ජන්ග්කුක්ගේ පපුව බදාගෙන එයාගේ චුට්ටන් අත් ජන්ග්කුක්ගේ දිග කොණ්ඩේ රැදවිලා තිබුනෙ.
ජන්ග්කුක්ට කොහෙත්ම ඕනේ නෑ ජිමින්ව ඇහැරවගන්න. එයා දැන් පුළුවන් ඉක්මනට නම්ජුන්ව මුණ ගැහෙන්න ඕනේ. ඒකට සෝල් යන්න වෙන්නේ ආදරෙයි කිව්ව ගමන් චුට්ටන් කාලෙකට එයාගේ පුංචි පෙම්වතාව තනිකරලා දාලා. ඒකත් ජිමින් අලුතින් දෙයක් පටන් අරගෙන එයාගෙ ජීවිතේ ගොඩනගාගන්න හදනකොටම. ඒත් ජන්ග්කුක්ගේ බොක්සින් ජීවිතේ වටා තියන වාතාවරණයත් එක්ක එයාට වෙන චොයිස් එකක් නෑ. නම්ජුන් හියොන්ග් එයා එනකම් බලන් ඉන්නවා .
ජන්ග්කුක් වොශ්රුම් එකට රිංගගෙන ඉක්මනට තමන්ගෙ සුපුරුදු පැශන් එකේ බැගී ටී එකක් එක්ක ශෝට් එකකට මාරු උනා. නයි මල්ලට ඕනේ ඇදුම් දෙක තුනයි ෆෝන් එකයි වියදමට කීයක් හරි විතරයි. ටේහිය්‍යුන්ට කරදර කරන්නත් එයාට උවමනාවක් නැහැ. වැදගත්ම දේ ජිමින්...
ජන්ග්කුක් හැමදේම ලෑස්ති කරගෙන එයාගෙ දිග කොණ්ඩේ කරකලා අරං තදට මෙසී බන් එකක් දා ගත්තා.
එයාගේ චුටී සහෝදරයා ඔහ්...මම කිව්වේ මේ සහෝදරයා නෙවේයි තාම පැටලෙනවා. එයාලා හැමදාම සහෝදරයෝ උනෙ නමට විතරයිනේ....
ඕකේ....
එයාගේ චුටී ජිමින්... කට උල් කරගෙන කම්මුල් පුම්බගෙන හොදටම දොයි දිහා ටිකක් වෙලා බලන් හිටියා. අන්තිම වතාවට ජිමින්ගෙ ෆ්ලෆ් ඇගිලි තුඩු පරිස්සමෙන් සිප ගන්න ගමන් ජන්ග්කුක් පඩිපෙළ දිහාට ඇවිදගෙන ගියා...
ESTÁS LEYENDO
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanficජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...