62. කළු කොණ්ඩ චිමිනී...

308 84 89
                                    

හොදම හොද සනීප හෙඩ් මසාජ් එකකට පස්සේ එයාලා ජිමින්ගේ පොතු ගැලෙව්වා. නේල්ස් හැදුවා. ටේහ්‍යුන්ගේ මල කරදරේ හින්දම ජිමින්ගේ දිගට වැවුනු කොණ්ඩේ එහෙම්ම බ්ලැක් කලර් කරන්න ජිමින්ට සිද්ධ උනේ එයා එතකොට චුටී දවස් වගේ කියලා ටේහ්‍යුන් නැහෙන්ඩ හදපු හින්දා.

අර චුට්ටක් දිග කළු කොණ්ඩයක් තිබ්බ බෝල ජිමිනී....

චුට්ටන් කට් එකකින් පිලිවෙලක් කරපු ජිමින්ගේ සරුංගල් පාට කොණ්ඩේ අමතක කරලා දාන්න ජිමින් කැමති උනා... අලුත් පෙනුම නරකම නෑ කියලා එයාට හිතුනා. හැබැයි ජන්ග්කුකීට එයා දැන්ම ඒක පෙන්න්නෑ.... ජන්ග්කුක්ගෙ ප්‍රතිචාරය බලාගන්න ජිමින් හරි උවමනාවකින් හිටියේ.

අනික ඒකෙන් ජිමින්ගේ මුණත් තිබ්බ තෙහෙට්ටු ගතිය අයින් වෙලා අමුතු දීප්තියකින් ලස්සනට දිලිසුනා. ඒකට සෙට් වෙන්න එයාගේ මී දත් පෙන්නලා එයා හිනාවෙනකොට ටේහ්‍යුන් හරිම ආඩම්බරයෙන් එයාගේ මිනී දිහා බලන් හි⁣ටියා. යාහ්.... එයාගේ ළමයා මාර ලස්සනයි .... චුට්ටක් විතර කෙට්ටුත් වෙලා... ටේහ්‍යුන්ට දුකම අන්න ඒකට... ඒත් එයාට මාර ප්‍රවුඩ් ජිමින් ගැන.....

" මෙයා තව චුට්ටක් උස උනානම් මොඩ්ලින් වලට යන්න තිබ්බා.... " ජිමින්ගේ කම්මුලක් ලාවට චප්ප කරපු ටේහ්‍යුන්ගේ යාලු සැලොන් ලේඩී කියෙව්වේ ඇත්තටම ලොකුවට හිතලා නෙමෙයි. ජිමින් එකෙන් හුරතලේට මුණ පුප්පගෙන ටේහ්‍යුන් දිහා බැලුවා.

ටේහ්‍යුන් හයියෙන් හිනා වෙලා එයාගේ වේලෙන්න තියපු නේල්ස් ඉස්සරහට දික් කරා...

" යාහ් ගිම්හේ..... ජිමින් හොද ඩිරෙක්ට කෙනෙක් උනාට එයා ⁣ඒ වගේ දෙයක් ට්‍රයි කරයිමද කියලා මට හිතෙන්නේ නෑ... අනික මොඩ්ලින් කියන්නේ එයාට ආස හිතෙන ෆීල්ඩ් එකක් නෙවෙයි...." ටේහ්‍යුන් කිව්වා... " අනික.... එයා ⁣බෝල පිපිඤ්ඤයක් වගේ හිටියට හරිම වසයි... කොටයි කිටන්නේ පරිස්සමට..."

ඒක ටේහ්‍යුන් කරපු චුටී අනතුරු ඇගවීමක් !

ජිමිනි වසයි හොදේ

හහ්...

................................................................

ජන්ග්කුක් හිටියේ තෝර පෙත්තා එක්ක ටෙලිවිශන් එක ඉස්සරහා ඉදගෙන බිල්ඩින් බොක්ස් වලින් ලොකු ගෙයක් හදන ගමන්. එයා කොච්චර ඒ වැඩේට සමවැදිලා හිටියද කියවනම් වටපිටාව ගැන සම්පුර්ණයෙන්ම එයාගෙ අවධානය බිදිලා තිබුනේ...

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Donde viven las historias. Descúbrelo ahora