|80|

2.8K 364 502
                                    

සුහාන් කාමරෙන් එලියට ඇවිත් අත් දෙකෙන්ම තමන්වම තුරුල් කරන් වගේ ඇග වටේ පටලගෙන බිත්තියට හේත්තු වෙලා ඔලුව බිත්තියට තියාගෙන ඇස් දෙක පියා ගත්තා.... සුහාන්ගේ තොල් දෙකේ අමුතු හිනාවක් ඇදිලා ගිහින් තිබ්බා වගේම සුහාන්ට අමුතුම හැගීමක් ඇති උනේ... අද තව.. තවත් ටිකක් සුහාන් නිශ්නර ගාවට ලන් උනා....

සුහාන්ගේ කම්මුල් රෝස පාට වෙලා තිබ්බා..නිශ්නර ඒ තරමට තමන්ට එක පාර ලන් වෙන්න දුන්න ඒකම සුහාන්ට නිශ්නරව එයාගේ කියලා හිත පුරාවටම ලියාගන්න ඇතියි කියලා හිතුනා... ඊයේ ඉදන් තිබ්බ අවිනිශ්චිත හැගීම උදේම නිශ්නර එයාගේ ඔලුවෙන් ඇදලා දැම්මද කියලත් සුහාන් හිතුනා.. ඒක ඒ තරම් සුහාන්ට දැනුනා... සුහාන් අත් දෙකෙන්ම කම්මුල් දෙකට තට්ටු කරන් මීට ටික්කට කලින් අර හාවො දෙන්නෙක් ඉන්න ටී ශර්ට් එක බින් එකට දාලා නිශ්නරගේ හැන්ගස් එක්කින් ගලවලා ඇදගත්තු කලු පාට ලොකූ ටී ශර්ට් එකත් හරියට හදාගෙන කොරිඩෝ එක දිගේ සාලෙට ආවා.... තාම උඩ ලයිට්ස් දාලා නෑ ඒ කියන්නේ තාම අර ලමයි දෙන්නගෙන් කිසි කෙනෙක් ඇහැරිලා එලියට ඇවිත් නෑ...

තාමත් එලියේ වැස්සා.. වැස්ස දවසක උදේට මේ තරම් අලුත් ගතියක් සුහාන්ට දැනුනමයි.. සුහාන් ගාවින් සම්පූර්නෙන්ම නිශ්නර යූස් කරන් බොඩි වොශ් වල සුවදයි නිශ්නරගේ සුවදයි ගලන් ආවා.... සුහාන්ට එයා ගාවින්ම නිශ්නරගේ කූල් සුවද එනකොට සුහාන් ටී ශර්ට් එකේ කර උස්සලා ආයෙත් ඉබලා වහලා තිබ්බ ඉස්සරහා දොර ගාවට ඇවිදන් ගියා....

ඇවිදන් ගිහින් යතුර කරකවලා දොර ඇරලා දොර සම්පූර්නෙන්ම ඇරියම අර ඇහුනට වඩා සද්දෙන් වැස්සේ සද්දෙ ඇහෙන්න ගත්තා.... ඒත් එක්කම ඔලුවට අතත් තියන් සුනිල් දුවන් ආවා එලියේ අයිනෙන්...

"අයියෝ සුනිල් අන්කල් මොකද වැස්සේ තෙමෙන්නේ..කුඩයක් ගන්න එපැයි..."

"ගුඩ් මෝනින් සුහාන් මහත්තයා... මන් මේ වාහන දෙක ඇතුලට දැම්මා... හිතුවේ නැති වැස්සක්නේ මේ කඩන් වැටුනේ.... මහත්තා උදේම නැගිට්ටද..."

සුනිල් අන්කල් හිනා වෙලා සුහාන් දිහා බැලුවම සුහාන් අතින් කොන්ඩේ පොඩ්ඩක් පිටිපස්සට කරන් දොරේ උලුවස්සට හේත්තු වෙලා හිනා වෙලා වැස්ස දිහා බැලුවා..

• විස මාත්‍රා......,•ɴᵒⁿғⁱᶜᵗⁱᵒⁿ , ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now