"රෙශ්නි හිමීට යමු හැප්පෙයි අපිව ......."
"තමුසෙට මොකක්ද මං යන්න කලින් කිව්වේ ?"
කන්නාඩියෙන් පිටිපස්සේ ශීට් එකේ රොනාල් නිදිද කියලා ආයෙම හැරිලා බලලා දත්මිටි කාගෙන වගේ රෙහානා ඇහුවා
"ළම.....යි ටිකව....පරිස්සම්......කර.....ගන්න.....කියලා "
"ඒක නෙවෙයි යකෝ !"
"එහෙ.....නම් ?"
වෙව්ලන හඬකින් කතා කරනගමන් රෙහානා දිහා බලපු මිනාගි කකුලේ අමාරුව පැත්තක දාලා කෙලින්ම රෙහානා දිහා ශිට් එකෙන් හැරුණ
"මම තමුසෙට කිව්වේ නැද්ද ඕයි පරිස්සම් වෙන්න කියලා "
ආයෙම පාරක් පිටිපස්සට ඇහැ කරකවන ගමන් රෙහානා අයාගේ ගැහැනු නොවන කටහඩින්තදින් ඇහුවේ වාහනේ වේගේ වැඩි කරලා අනුලා එකට ඉස්සරහා තියෙන ලයිසියම් එකට යන පාරත් පහු කරන් ඉස්සරහට රේස් කරලා ඇද්දේ වාහනේ හිටිය මිනාගි කරකවලා අතෑරියා වගේ හැගීමකින් රෙහානා දිහා බලන් ඉන්නකොට
"රෙශ්නි මගේ .......ගෙදර....?! "
"රොනාල් මල්ලි නැගිටිනවා රොනාල් "
"මොකද වදේ ?"
"මාම් ට කෝල් එකක් ගන්නවා මගේ බැට්රි ලෝ "
"තමුසේ සාපයක් ඕයි !"
නිදාගෙන හිටිය අහිංසකයව නැගිට්ටවපු රෙහානා රොනාල්ට ශෙරින් ගේ ෆෝන් එකට කෝල් එකක් ගන්න කිව්වේ නොමිලේ ලැබෙන රැවුම් ගෙරවුම් පාරවල් ටිකත් සාවදානව දෝත බදලා පිලිගන්න ගමන්
"ගේට්ටුව ඇරල අනේ එන්න මම නිදි "
"මාම් නෝ තියන්න එපා මේ ඔයාගේ කෙල්ල මාව කන්න යනවා "
"මොකද කියන්නේ "
"ආ මෙන්න මාම් "
"ලවුඩ්ස්පීකර් දාපන් "
රොනාල් රෙහානගේ පැත්තට දික් කරපු ෆෝන් එක දිහා හැරිලවත් නොබලපු රෙහානා වාහනේ ජියර් එක කඩන ගමන් හයිලවල් එකේ පාන්දර දෙකහමාරට ඉගිල්ලිලා වගේ වාහනේ අරන් ගියේ කුරුල්ලෙක් වගේ
"මාම් "
"කියන්න හනී "
"ඩෙකර් ගෙදරද ?"
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...