111- පළිඟු දිඟහැරුම ♡

1.9K 193 296
                                    

"අයියේ කොහොමද ......?"

රොනාල් රධීශ්ගෙයි ශෙහානිගෙයි ග්‍රේව් එක ඉස්සරහින් දන ගහ ගන්න ගමන් වැස්සට මඩ විසිරිලා ගිහින් තිබ්බ සුදු පාට තිරිවානා ගල් වලින් හදපු ග්‍රේව් එක අතින් පිහි දැම්මේ බිමට වැටිලා තිබ්බ මල් ඔක්කොම ග්‍රේව් එක උඩින් අයින් කරන ගමන්

"දෙන්නම එකටම ගියේ දෙන්නටම දෙන්නා නැතුව බැරි නිසාද අක්කේ ?"

ශෙහානිගේ ග්‍රේව් එකෙත් මඩ පිහිදපු රොනාල් ශර්ට් එකෙන් ඇස් දෙක පිහිදගෙන අරලිය ගහ යට එකටම කරලා හදලා තිබ්බ ලස්සන සුදු තිරිවානා ග්‍රේව් දෙක දිහා හිනා වෙවි බලලා ආයෙම බිම දන ගහගත්තේ නහය උඩට ඇදගන්න ගමන්

"මං දන්නවා ... ඔයාලා දෙන්නා මෙතන ඉන්නවා නේද ?"

සීතල හුලගක් ගලාගෙන යනවත් එක්කම අරලිය මල් කිහිපයක් රොනාල්ගේ ඇගට වැටුණේ හරිම මන්දගාමී විදිහට ....

එයා දස දහස්වෙනි වතාවටත් තනියම සෙමට්‍රි එකට ආපු එකට දැන් පසු තැවුනා .... මොකද ඇඩෙන්න එනකොට වාන් දාලා වත් කඳුළු නවත්තගන්න බැරි රොනාල්ගේ මුරන්ඩු ඇස් දෙක , දුක හිතුනම අන්තෙටම ඒ දුකේ ගිලෙන රොනාල්ගේ හදවත රොනාල්ටවත් අවනත නොවී වැඩ කරන්න හරි අපූරුවට පටන් ගෙන තිබුනා ...

"අයියේ මම ඔයා එක්ක පස්සේ කතා කරන්නම්.... අක්කත් එක්ක දැන් කතා කරන්නම් "

"කෝමද අක්කේ .... හොදින් ඉන්නවද .... ඔයාගේ පළවෙනි ළමයා ... හරි හරි හරි ළමයින්ගේ තාත්තා තාමත් පිස්සු විකාර කරනවද ... ඔව් නේ ... එයා කොහොමත් ලොකු පිස්සනේ අපේ .... අක්කේ තාමත් .... අයියයි ඔයයි එකට ඉන්නවද ? "

රොනාල්ගේ අවසාන වචන හිමින් හිමින් බිදුනේ ඇස් වල කදුලු පොකුරු පිටින් බිම වැටෙද්දි

"සතුටින් ඉන්නෝන හරිද අපේකා වද දුන්නොත් එහෙම බෙල්ල පිටිපස්සට කිති කවන්න එයාට එතනට කිති ..... මම ඔයාට ඒක කියන්න හිටියේ අමතක උනා නේ ... "

"අයියේ .... එවාන් ... එයා තනිකර අක්කා වගේ ... ලස්සනයි සුදුයි කොන්ඩේ දුඹුරු පාටයි ..... ආරුගේ වගේ නෙමේ එවාන්ගේ කොන්ඩේ ලා දුඹුරු පාටයි ලස්සනයි ඇස් අලු පාටයි එවාන් කිරි බොනකොට එවානාගේ අතින් අල්ලගන්නවා එවාන්ට නින්ද යන්නේ ප්‍රින්සස් එක්ක විතරමයි .... ඔව් එයා එවානාගේ තුරුලෙමයි ඉන්නේ සමහරවිට එයාට තේරෙනවා ඇති එවානා එයාගේ අක්කා කියලා.... එතකොට අපේ එවෝන්.... එයා තනිකර ඔයා වගේමයි ..... බළල් ඇස් .. මම හොදට බැලුවා එවෝන්ට තියෙන්නේ බළල් ඇස් ... මාරම ලස්සනයි කොන්ඩේ කැරලි කැරලි අපේ වගේම ... කලු කොන්ඩයක් ... හැබැයි අක්කගේ පාටමයි ... ඔයාගේ පාට නෑ හූ හූ "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now