විනඩි පහළොවක් !
විනාඩි පහළොවක් තිස්සෙම අත වටේ ඔතලා තියෙන ක්රීම් පාට ඝනකම් රෙදි කෑල්ල පොගවගෙන රතු පාට ලේ උඩට මතු වෙනවා මිනාගි පුලුවන් තරන් ගලාගෙන යන ලේ හිර කරන්න වගේ ඒ අතත් බදාගෙනම අඩනවා
දැන් දැන් රොනාල් බයටම ගැහෙනවා රදීශ් හරිම නොසන්සුන් මේ වෙලේ කලබල වෙලා ඉන්න රිචඩ්ව කලන්තේ දාපු ශෙරින් ගාවට යවපු රදීශ් මේ අවස්ථාවේ පාලනය කරට ගත්තා
"අයියේ.............. අක්කා සු............දු මැලි වෙලා "රොනාල්ගේ කට හඬ බිදිලා මේ පළවෙනි පාර මෙච්චර ලේ ගොඩක් එයා දැක්ක රදීශ්ගේ අත් වල නියපොතු පවා නෑ සමරදිවාකරට කෝල් කරපු වෙලේ ඇම්බියුලන්ස් එකකට කතා කරානම් කියලත් රදීශ්ට හිතුනා
ඒත් එක්කම සමරදිවාකර ඩොක්ටර් ගෙට ආවා
"කොහෙද මිනිහෝ හිටියේ "
"අයියේ කලබල කරන්න එපා ....... සොරි ඩොක්ටර් "
"කමක් නෑ රොනාල් පුතා ට්රැෆික් පාරේ ".
ආපු ගමන් ඩොක්ටර්ගේ ඇගට කඩා ගෙන පැන්න රදීශ්ව යන්තන් වාරු කරගන්න ගමන් රොනාල් ඩික්ටර්ගෙන් සමාවත් ඉල්ලුවා
රෙහානා ගාවට කිට්ටු වෙච්ච මැදි වයසේ විතර පසු වෙන ඩොක්ටර් මිනාගිගේ උකුලේන් රෙහානව උස්සලා ඇදේ කොට්ටේ උඩින් තිබ්බා
"Mr.රිද්වින් කරුනාකරලා උනුවතුර එකක් අරන් එන්න "
රදීශ් පිස්සට හැතැම්ම නෑ වගේ කුස්සියට දිව්වේ කඩාගෙනම වගේ
ඒත් එක්කම එයාගේ ටූල් බොක්ස් එක ඇරපු ඩොක්ටර් කතුරක් අරන් අතේ බැදලා තිබ්බ රෙදි කෑල්ල දෙකට මැදින් කපලා දැම්මේ ඒ රෙදි කෑල්ල ලේ විසිරුවමින් බිමට වැටෙද්දි
"දෙයියනේ මේ දරුවා අත දෙකට මැදින් කපාගෙනවත්ද ?"
ඩොක්ටර්ගේ කටින් එකපාරටම පිට වෙනකොට අඩ අඩ හිටිය මිනාගි ඉකි ගගහා අඩන්න පටන් ගත්තේ රොනාල්ව දැනටම වෙව්ලන්න වගේ ගත්ත නිසා පුටුවකට කඩන් වැටෙද්දි
"බෝතල් කට්ටක් ! කවුරුහරි මේ ලමයට ගහලා වත්ද බෝතලයකින් ?"
ඩොක්ටර් වේගයෙන් වේගයෙන් ග්ලෝස් කෑලි කපලා අරන් රදිශ් ගෙනාපු වතුර එකෙන් පොගවලා අරන් රෙහානාගේ අත පිරිසිදු කරා
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...