95- පළිඟු දිඟහැරුම ♡

2K 204 392
                                    

"මොකක්ද කියන්නේ "

සරම දෙකට නවලා කැහිපට ගහගන්න ගමන් වාහනෙන් බැස්ස කියනවට වඩා පැන්න කියන එක ගැලපෙන විදිහට අනුරාධ වාහනෙන් බැස්සේ අති විශාල සුඛෝපභෝගි නමුත් මිනිස් වාසයක් නැති ගෙදරට අඩිය තියන්න

"........... "

"එහෙම කොහොමද වෙන්නේ පුතා .... ඒ නඩුව ඉවරයි ..... එක පාරට මෙහෙම කැදවන්නේ කවුද ඒක !"

"........."

"සදහනක් නෑ .... හහ් මුන්ට ගිය රටනේ යකෝ ... අම්මට හු*ගන්නැතුව ඔන්න ඔය ලෝයර්ස්ලට කීයක් හරි දීලා ඔය නඩුව අදින එවුන්ව උස්සලා මරලා දාපන් "

"...... "

"හරි වරෙන්කෝ මම ගෙදර ඉන්නේ කතා කරගමු .... "

.
.
.
.
.
.
.
.
.

"මාමේ මේ බලන්න .... මෙතන පැහැදිලිවම තියෙනවා මේ යට ගියපු නඩුව ආයේ හාර අවුස්සලා කියලා "

සංජය රැවුල පිරිමදිනගමන් කඩි කාලා වගේ එහෙට මෙහෙට යන අනුරාධට පෙන්නුවේ උදේ පාන්දරම පහත් වෙච්ච ගිනි ගෙඩිය හෙවත් අවුරුදු දහයකටත් උඩින් වහලා දාපු නඩුවක් ආයෙම උඩට ආවේ කොහොමද කියලා කල්පනා කරන ගමන්

"උපාලි චන්දරේට එන්න කියපන් ... මෙහෙම කොහොමද නඩු කතා කරන්නේ ... කිසිම ලෑස්තියක් නෑ අපිට .. "

කාර්‍යාල ලේකම් වරයා වෙච්ච උපාලිට කෑ ගහනගමන් පුටුවෙන් ඉදගත්ත අනුරාධ...... ඊලග පාර රටේ අග්‍ර වින්ශිචකාර වරයට කෝල් එකක් දුන්නේ පළවෙනි ප්‍රයත්නයෙන්ම උත්සහය අසාර්ථක වෙලා යද්දි

"කවුද නඩුව කතා කරන්න ඉන්නේ "

" **** ආර්ද සිල්වාගේ එකම දුව නෙතුකි ආර්ද සිල්වා ...වැඩේ ලේසි නෑ මාමේ මේකි නඩුකාරයාගේ බෙල්ල මිරිකලා හරි නඩුව ඒකිගේ අතට ගන්න එකෙක් ... ඒ ඇරත් තාත්තට හපන් දූ පොඩ්ඩ"

"සල්ලි දීලා යට ගහන්න බැරිද ?"

"මාමා හිතනවද මේකිව හයර් කරන්න ලේසි කියලා .... අනිවාරෙන්ම මේකිව හයර් කරන්න නම් ලංකාවේ කෝටිපතියෝ පහෙන් එකක් වෙන්න ඕන "

"ඒ කියන්නේ ?"

"මං හිතන්නේ නඩුව අදින්නේ රිචඩ් ලැනරෝල් ... අනික් තුනම අපේ පැත්තේ එවුන් අලවුදීන් ඇරෙන්න "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now