"හලෝ රොනාල් සුදායියේ "
"මොකද උඹ "
"මේහ් වස්තුවේ අම්මනං කැටේ අයියාහ් පණ "
"මොකද බං "
"මගේ ලැප් එක අරන් එන්නකෝ ඒයි "
"තමුසේනම් මහ ඇනයක් ඇටයෝ "
මම සසිතට බැන බැන ෆෝන් එක ඇද උඩට විසික් කරේ ඊයේ රෑ ගෙදර යන්න බෑ යැයි යැයි ගාලා අරගලයක් කරලා මගේ ඇද ආක්රමනය කරපු හිච්චි ජස්ටින් ෆෝන් එක ඇගේ වැදිලා නැගිටිද්දි
"ආයේ නිදාගනින් බලන්න ටෝ ගිහින් ගහනවා ඔළුව කොමඩ් එක අස්සේ "
වැලමිටි දෙක ඇදෙන් තියලා වැලමිටි දෙකට බර දීලා ඔළුව විතරක් උස්සපු පොර ආයෙම ඇදට කඩාගෙන වැටිලා ඔලුවත් රෙද්දෙන් පොරවගත්තේ කුනුහරුප වැලක් මගේ කටට එද්දි
"යකෝ නවයයි හතළිස් පහයි නැගිටපන්කෝ පැටියෝ "
"ම්හුක් "
"නැගිටිනවකෝ අර සසිත ලැප් එක දාලා ගිහින් ගෙනත් දෙන්න කියනවා "
"ඔයා ම්ම්ම් ගිහින් දෙන්න....."
"මිනිහෝ මැරුන් නොකා නැගිටපන් "
කොන්ඩේ කර්ල් සෙට් කරන ගමන් හොල්මනට පයින් එකක් ඇනපු මම බිම පෙරලුන්නැති එක විතරයි
මූ නෙමේ ඇහැක් ඇරලා වත් මම දිහා බලන්නේ
"උඹ නටපන් මං යනවා එහෙනම් වුට්ට "
ඇද වටෙන් ගිහින් එයාගේ කොන්ඩෙන් ඇදලා එන්න හැරුණු මම ඊලග මොහොතේ හිටියේ එයාගේ පපුව උඩ
"හරි හදිස්සි නේ "
මාව ඇද උඩට පෙරලන ගමන් මගේ ඇඟ උඩට ආපු එයා මගේ කන හැපුවේ ඇගත් හිරි වැටිලා යද්දි
"මොකද මේ "
"ලෝභයි !"
උඩ ඇඳුමක් නැති එයාගේ පපුවෙන් රස්නේ කාන්දු වෙනවා හුරුපුරුදු හැඟීමක් මාව සීතල කරන් ඇඟ දිගේ උඩු දුවනවා .... මගේ ඉස්සරහා ඇහැට පේන මායිමේ ඉන්න මනුස්සයා මාව පිස්සු වට්ටනවා ... එයාගේ සීතල තොල් මගේ යටි තොලකට හාදුවක් තිබ්බේ මාව හරි සිහියට ගෙනල්ලා .....
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...