චර්ච් එකේ හිටියේ නුරාගෙයි ජොඑලාගෙයි පවුලේ අය විතරයි ඊට අමතරව අපේ යාලුවෝ සෙට් එකයි ජොඑලා වෙනුවෙන් අපේ ඩෑඩුයි හිටියා ..... අන්තිමට නීතීය සම්මත උනත් හරි මේ රටේ ගන්න පලවෙනි සේම් ජෙන්ඩර් මැරේජ් එක උන්ගේ උනා ....
වෙඩි වෝව්ස් කියලා උන් දෙන්නා අතටම උන් දෙන්නගේ රින්ග්ස් වැටෙනකොට අන්තිමට උන් දෙන්නා ලීගලි හස්බන්ඩ් ඇන්ඩ් හස්බන්ඩ් උනා
ඒක මාර සැනසීමක් ..... වචනෙන් විස්තර කරන්න බැරි .... මගේ ඇස් වල පවා කඳුළු ඇයි කියලා දන්නවද ?
ජොඑලා ගත්තොත් තනිකර අවුරුදු එකහමාරක් මම නිසා බොරු කසාදෙක හිර වෙලා විදින්න තිබ්බ ජීවිතේ විදෙව්වා .... ඌ නිසා නුරා අන්තිමට ලෙඩෙක් උනා ...
මේ හැමදේටම කොනකින් හරි මම සම්බන්ධයි නේද දෙයියනේ කියන හැඟීම නොකිව්වට මට තිබ්බා ...
මම නිසා මිනිස්සු දෙන්නෙක්ගේ ජීවිතේ අන්තිමට අවුරුදු දෙකක් වගේ කාලයක් මග හිටියානේ ....
කොහොම උනත් අන්තිමට උන් දෙන්නා මෙතන වෙඩින් වෝව්ස් කියනකොට මම හිතන්නේ උන් දෙන්නගේ පවුල් වල උන්ට වඩා සතුටු උනේ මම ...
ඒක මෙච්චරයි කියන්න බැරි තරම මට ... දැනටත් මම ඉන්නේ පුපුරන්න සතුටින් මීඩියා කාරයෝ ඇවිල්ලා චර්ච් එකේ ඉද්දිම කට්ටියගේ ෆොටෝස් ගත්තා ....
අන්තිමට ජොඑලුත් පුරුදු උනා කතා හදන උන්ට කතා හදන්න කියලා තමන්ගේ ජීවිතේ විදින්න ....
ඒ විදිහට චර්ච් එකේ වැඩ ඉවර කරලා රෙජිස්ට්‍රේශන් එකත් උනාට පස්සේ කපල් එක වාහනේ නග්ගලා අපි ඊට කලින් හොටෙල් එකට ගියේ උන් කොලබ වටේ වටයක් ගහලා එන්න නියමිත නිසා ....
___________________
පැයකට පෙර ...
ටොක් ටොක් ටොක් ...
රෝවර් එකේ ග්ලාස් එකකට කවුරුහරි ඇඟිල්ලෙන් තට්ටු කරනවා ඇහුනම ගැස්සිලා ඇහැරුන රෙහානා පපුවට තුරුල් කරන් හිටිය කෙල්ලව පපුවට තද කර ගන්න ගමන් ඇස් අඩවන් කරන් බැලුවේ කවුද තට්ටු කරේ කියලා බලාගන්න
ඇයි ඒ තත්පරේට යකා ගහලා වගේ මමායි දුවයි කට කපලා නිදාගෙනනේ
"ඔයා ඇදගන් නැද්ද ... කෝ දෙන්න මම ලමයව ගන්නම් ... "
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...