131- පළිඟු දිඟහැරුම ♡

2.7K 215 543
                                    

දවස් ගත උනේ මගේ ජීවිතේ වෙන්න පුලුවන් උපරිමටත් එහා මාව බිසී කරන ගමන්

උදේට නැගිටින්නේ කීයටද නිදාගන්නේ කීයටද කියලා මටම මතක නෑ අවුරුද්දක් පහු වෙලා උනත් ඩෑඩ්ගේ උදව්වෙන් කැම්පස් එකකට මට සිලෙක්ට් වෙන්න පුලුවන් උනා දවල් වරුවෙම මම හිටියේ කම්පැනි එකේ එතකල් ළමයි ටික හිටියේ මාම් ඇන්ඩ් මිනාගි අක්කා ගාව ... හවස ගෙදර යන්නේ මම බාගෙට මැරිලා ඒ ගිය වෙලේ ඉඳන් මම කරන්නේ ලෙක්චර්ස් වල රෙකෝඩින්ග්ස් වලට ඔලුව ඔබාගෙන ළමයි බලාගන්න එක ....

අඩුම රෑටවත් මට ලමයින්ව මගේ ගාවට ඕනි උනා .... නැත්තං මාම් එක හෙලාම මම මෙච්චර වැඩ කරනවට විරුද්ධයි

හැබැයි එකක්.... මට හොද සපෝර්ටිව් පාට්නර් කෙනෙක් ඉන්නවා ... අයිලන්ඩ් රෑන්ක් ගහපු මගේ බෝයිෆ්‍රෙන්ට ඕනාවටත් වඩා ස්වයං දැනුමක් තිබ්බා

කොටින්ම බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක්වත් නැතුව එයා කිසි ගේමක් නැතුව ගාමන්ට් ෆැක්ට්‍රි දෙකක් පාලනය කරන ගමන් අප්‍රිකාවේ දියමන්ති ආකරයකිත් තව එක එක බිස්නස් මම දන්නෑ ඒවා මොනවද කියලාවත් ඒත් එයා ඒ හැම එකම කිසිම ගේමක් නැතුව පාලනය කරා කියලා මම හිතන් හිටියා ... ඒත් මටඕනි උනා එයා ග්‍රැජුවේට් වෙනවා බලන්න අන්න එතකොටයි මම දන්නේඑයා ග්‍රැජුවේට් වෙලා කියලා .... මම එයාට කැම්පස් යන්න කිව්වම ලොකු ස්ටිෆිකෙට් බුක් එකක් ගෙනල්ලා ඕලෙවල් වලින් පස්සේ ගත්ත ඩිග්‍රීස් කියලා පිලිවලින් මගේ ඉස්සරහින් තිබ්බා ....

දෙයියන්ගේ නාමෙට මම ඒ කාලේ සූර පප්පා බලනකොට මූ මැනේජ්මන්ට් කෝස් දෙකක් කරලා ඩිග්‍රිත් ගහලා මදිවට  මියුසික් ඩිග්‍රි එකකුත් ගහලා

ඒක තමයි කැම්පස් පලයන් කිව්වට සත පහකට මාව ගනං නොගත්තේ .... කොහොම නමුත් ඒවා එහෙම වෙනකොට එයා එයාගේ වැඩ කරගෙන හවසට මට ලෙක්චර්ස් වල නොතේරෙන තැන් කියලා දුන්නා එයාට පුලුවන් විදිහට එයා ළමයි අඩන එක නවත්තගත්තා

මම දන්නෑ සමහර දාට ඇස් පියවෙන්නේ මේසේ උඩ ඒත් නැගිට්ටවෙනකොට මම ඇද උඩ .... මගේ නෝට්ස් කම්ප්ලීට් කරලා වැදගත් ටික වෙනම ෆයිල් කරලා පිලිවලට අස් කරලා තියෙනවා ....

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now