87- පළිඟු දඟහැරුම ♡

2.1K 201 332
                                    

මේ ගෙවෙන්නේ මැයි මාසයේ අග ..... හරිම සාමාන්‍ය විදිහට රොනාල්ලගේ ජීවිතේ ගැවුනත් රටේ අනික් මිනිස්සුන්ගේ ජීවිත තිබ්බටත් වඩා අඩියට වැටුණ කිව්වනම් හරියටම හරි

මිනිස්සු කලින් ජනාදිපතිව අන්ත පරජයකට ඇදලා දාලා අනුරාධව පත් කර ගත්තා වුනත් මේ වෙනකොට බහුතරයක් ඒ හින්දා සෑහෙන්න දුක් විදින බවනම් කිවිය යුතුමයි ...

අප්‍රේල් අවුරුද්ද යහමින් ගෙවපු රට වැසියන්ට අවුරුද්දට ලැබිච්ච බෝනස් එකට නම් තරු විතරක් නෙමේ මන්දාකිනිත් පෙනිලා ඉන්නේ

යන්තමින් බඩ වියත රැක ගන්න මිනිස්සු දැන් දැන් සාගතේම මැරිලා ගියේ දවසින් දවස වැඩි වෙන ආර්ථික ගැටලු නිසා කිව්වොත් ඔයාලා පිලිගන්නවද ?

ධනපති පන්තියේ ධන කුවේරයෝ තමන් ගැන පමණක් හිතුවට නිර්ධන පන්තියේ පීඩිත ජනයාට මොකක් වෙයිද කියලා කවුරුත් හිතුවේ නෑ නේද ?

ඔය අතර ආන්ඩුවත් දෙකට බෙදිලා කා කොටා ගන්නකොට .....

සරලවම මිනිස්සුන්ගේ හිතේ අනුරාධ වෙනුවෙන් තිබ්බ ආදරේ බලාපොරොත්තුව ටිකෙන් ටික රෝහිතට යනකොට ....

මිනිස්සු කියන්නේ අන්න එහෙම අය මචං ... හැම කෙනාම වාසි පැත්තට හෝයියා .. ඒක ඔහොම නෙමේ සක්‍ර දෙවියෝ  බිමට බැහැලා මිනිස්සු එහෙම නෑ කිව්වත් පිලිගන්න බැරි වෙන තරමට මිනිස්සුන්ගේ ආකල්ප උනත් දැන් දැන් පිරිහිලා ගිහින්

හැමදේම පැත්තක දාපුවම රටක් ආදරේ කරපු සුදු කෙල්ලව මරාගන්න අනුරාධත් සම්බන්ධයි කියලා කට කතාවක් කනින් කොනින් යනකොට ...

විදෙස් කතක් උනත් ඇගේ ආදරනීය බව .... හරියටම බැලුවොත් එංගලන්තෙට ඩයනා ලංකාවට එව්ජීනියා ...

එව්ජීනියා තනිකරම දුප්පත් මිනිස්සුන්ට සෑහෙන්න උදව් කරපු ගැහැනියක් ....

මේ නිසාම මිනිස්සු අනුරාධට විරුද්දව කතා කරන්න පටන් ගත්තා

මොකද මිනිස්සු දන්නවා එව්ජීනියා කියන ඇමරිකන් කාන්තාව කොච්චර නම් පිංවන්තද කියලා ....

නොකිව්වට මිනිස්සුන්ගේ හිත් වලත් එව්ජීනියාගේ නින්දෙන්ම සිදු වූ හදිසි මරනයගැන සැකයක් නොතිබ්බම නෙමේ

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now