134- පළිඟු දිඟහැරුම ♡

2.5K 214 429
                                    

අවුරුද්දකට පසු ....

සියල්ල හොදින් සිදුවෙමින් පවති කියලද හිතාගෙන ඉන්නේ .....

පිස්සුද අඩේ ගම රට පැටලෙන ඔලු විකාර වෙන වැඩ අපිට වෙන්නේ

ඔක්කොටම වඩා මේ ඇකඩමික් එක්ක බිස්නසුයි පවුල් නඩත්තු කිරීමුයි බැලන්ස් කරන්න හරි අමාරුයි අප්පා

මගේ ඩිග්‍රි එකේ සෙකන්ඩ් ඉයර් එකේ ලාස්ට් සෙමෙස්ටර් එක මේ ගෙවිලා යන්නේ තව අවුරුදු එකහමාරකින් විතර මම ග්‍රැජුවේට් වෙනවා ... ඒත් මේ කාලේ හරි මහන්සියි ... පාඩම් වැඩ ඔලුව උඩට ගොඩ වෙලා තියෙද්දි මට අයියගේ බිස්නස් එකත් බැලන්ස් කරන්න උනා ... ඩෑඩ් දැනටත් සම්පූර්න බිස්නස් එකම තනියම රන් කරනවා ඒත් එයාට හැමදාම බෑ .... හරිනම් මේ එයා නිදහසේ ඉන්න ඕනි කාලේ ... මාම් පවා දවස ගානේ මහන්සි වෙනවා එයත් නිදහසේ ඉන්න ඕනි කාලේ ආයෙම ළමයි තුනක් එක්ක බිසී වෙලා .... අපේ ගෙදරට මාම්ට ඉන්න එකම සහනේ මිනාගි අක්කා ... මිනාගි අක්කාට මාරම ටැලන්ට් එකක් තිබ්බා පාඩම් කරන ගමන් උනත් ළමයෙක් නලවන්න ... එයා කාගෙද කින්ද මන්ද බැලුවේ නෑ අඩන්නේ කවුද මොන ලමයද බැලුවේ නෑ තුරුල් කර ගත්තා නැලෙව්වා එහෙමටත් බැරි උනොත් ප්‍රින්සස් තමා ප්‍රින්සස් හරි මුරන්ඩුයි .... එයාට හිතුනොත් මේ දැන් ආරුව ඕනි කියලා මම ආරුව මවලා හරි එයාට ගෙනත් දෙන්න ඕන ... ඒ විදිහට ඒ කෙල්ලව හදලා මගේ රත්තරන් වටින බිත්තරයක් වගේ බෝයිෆ්‍රෙන්ඩ් ....

මේ දවස් ටිකේම ඔලුව අස්සේ දුවන්නේ වැඩ මම දන්නෑ ආරු නොහිටින්න මෙලහකටත් ලැනරෝල් හෝල්ඩින්ස් එකට අනුබද්ධ ඔටෝ මොබයි ඇසැම්බ්ලි කම්පැනි එක ඩවුන් R&S ක්ලෝත් බ්‍රෑන්ඩ් එක ඩවුන් .... එයා එයාගේ මුලු කාලයක් එයාගේ රාජකාරි වලට වගේම මගේ බිස්නස් වලටත් වෙන් කරලා ලමයින්ටත් වෙන් කරලා අන්තිමේදි මටත් වෙන් කරනවා ...

සමහර දවස් තියෙනවා එයාට උන ගැනෙන්න මහන්සියි ඒත් ඇවිල්ලා මාව බලලා ගිහින් තාත්තලාවත් බලනවා මම වැඩි යමක් දන්නෑ ඒත් මිස්ටර් අලවුදීන් ගැනත් බලනවා ... ආයෙම එයාලාගේ බිස්නස් .... එක එක මීටින්ග්ස් බැලන්ස් කරනවා .... ආයෙම පාන්දර ඇවිත් මාව බලලා පරිස්සමින් ඉන්න කියලා යනවා එයාට පුලුවන් හැම වෙලේම මොනවම හරි ගෙනල්ලා දෙනවා ...

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now