64- පළිඟු දිඟහැරුම ♡

2.2K 233 283
                                    

රොනාල් හිටියේ රදීශ් එක්ක චේන්ජින් රූම් එක ඇතුලේ ..... රදීශ්ට නිලමේ අන්දනවා දාගෙන අන්දන්න අපු අය ...

"අනේ මට බෑ ඕයි මේ ලබ්බේ කඩුව ඇනෙනවා මගේ ජනපදේ  "

රදීශ් අඩන්න වගේ මූන හදන් රොනාල්ගේ උරහිසට ගැහුවේ කොස්ටියුම් එක එහෙම තියලා තිබ්බ මෙසේ උඩට වෙලා සැපේ ඉඳගෙන ආමන්ඩ් අහුරකට වැඩේ දෙන ගමන් හිටිය රොනාල් ඔරවලා බලද්දි ...... ඇයි යකෝ බදිනවනම් බැදපන්කෝ ඒ අහිංසකයට වද දෙන්නැතුව ....

"මිස්ටර් අපේ වැඩේ ඉවරයි .... "

"ඔයාලා එළියට යන්න එහෙනම් "

රදීශ් අතින් එළියට යන්න කිව්වම මේකප් ආටිස්ලා දෙන්නා එළියට ගියාට පස්සේ හිටගෙනම ඉන්න ගමන් රොනාල්ගේ  එහා පැත්තෙන් කන්නාඩියට එබුනේ ලාවට හිනා වෙන ගමන්....

තමන් ආදරේ කරන කෙනාම තමන්ට ලැබෙන එක කොච්චර සතුටක්ද .... අන්න ඒ සතුට දෙගුණයක් වැඩියෙන් රදීශ් විදිනවා කියලා කොල්ලගේ දීප්තිමත් මූනෙන් පේනවා ....

ඒත් එක්කම කාමරේ දොර ඇරන් ඇතුලට ආව ශෙහාන් ...වටේ පිටේ ඉන්නේ මොකාද කියලවත් නොබලපු ශෙහාන් කඩාගෙන ගිහින් රොනාල්ගේ තොල් අල්ලගත්තේ දවසක් හරියට නොදැක්ක වාඩුව පියවන්න වගේ ....

"යාහ් හනිමූන් ගිහින් මං කරන්න ඕනි දේවල් උබලා මට ප්‍රැක්ටිකලි මෙතන කරලා පෙන්නද යන්නේ පගයිනේ "

"...."

"අහකට පල ඒස පුත්තු දෙන්නා "

ඔන්න එතකොට තමා ශෙහාන්ට ඉන්නේ කොහෙද කොතනද කියලා මීටර් වෙලා රොනාල්ගෙන් ඈතට වෙලා රදීශ්ටත් හිනාවක් දීලා කොන්ඩේ අවුස්සගත්තේ ... ලැජ්ජ හිතිලා ලුනේ ..

ශෙහාන් බැලුවේ රදීශ් දිහාවට .. හරි කෙලින්... රදීශ් නිලමේ ඇදුමට ලස්සනයි කියලා එයාට කියන්න ඕනි උනත් කොල්ලා හැමදාමත් වගේ කට පියන් ඔළුව වනලා ලාවට හිනා වුනේ රොනාල්ටත් ලාවට හිනා යද්දි

"ඒ අඩෝ මම මගේ නෝනව බලන්න යන්නද බන්ග් "

"නටන්නැතුව ඉදින් අයියේ "

ඒ කාමරේ ඇතුලට ආවේ ටවීශ් .. ටවීශ් ඉනටත් අත් දෙක තියාගෙන රදීශ්ගේ වටේ වටයක් කැරකිලා අතින් හාට් එකක් හදලා පෙන්නුවේ රදීශ්ගේ මූන කුන්ඩහට්ටියක් වෙද්දි

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now