"ආයුබෝවන් අද හැපි හවර් එකට අප සමගින් එකතු වෙන්නේ ලංකාවේ ෆේමස්ම බෙස්ට් ෆ්රෙන්ඩ් කපල් එක හෙලෝ ශෙහාන් හෙලෝ රොනාල් "
"හායි !"
මම හිටියේ සෑහෙන්න නර්වස් වෙලා ඒකට විශේෂ හේතුව කොච්චර කොහොම උනත් මේ කමරා වල ෆ්ලෑශ් ලයිට් නිසා මගේ ඔළුව කැක්කුම අරන් තිබ්බා ...... ඊටත් ඉස්සරහා ඉන්න ප්රසන්ටර්ගේ ඇදුම .... ඊට හපන් ඒක .... ආරු නම් මේවා හුරුයි කියන්න වගේ මගේ කකුලට තට්ටුවක් දානවා
"හලෝ රොනාල් හව් ආ යු "
"අයිම් ෆයින් යශිනි "
ඔළුව කැරකෙන ලයිට් එලියි මේ ගෑනිගේ මේ පැද්දෙන කතා බහයි නිසා මම ටිකක් පස්ස ගහනකොට එයානම් සෑහෙන්න පවර්ෆුල් පර්සනැලිටි එකකින් ඒ කැමරා එකට ෆේස් කරා
"ඔහ් හෝ යාලුවා ටිකක් ශයි වගේනේ ශෙහාන් "
"ඔව් එයා ටිකක් ශයි යශිනි "
එයා කූල් විදිහට ඒ කෙල්ල එක්ක හිනා වෙලා මගේ උරහිසට තට්ටුවක් දැම්මේ මාව හරි සිහියට ගන්න ගමන් මම අර කෙල්ලට හිනාවක් දැම්මා මොකද මේක ලයිව් යන ප්රෝග්රෑම් එකක් නිසා
" ඔහ් ඉතින් කොහොමද ඔය දෙන්නට "
"අපි දෙන්නා නම් මේ දවස් වල ශෙඩියුල් එක එහේ මෙහේ කරන් ලයිෆ් එක එන්ජෝයි කරනවා නැද්ද රොනාල්."
"අහ් ඔව් "
"ඉතින් ඉතින් දෙන්නා දෙමස්සිනෝලා නේද ?"
"ඔව් ඒක ඇත්ත මගේ අයියා මැරි කරේ ශෙහාන්ගේ අක්කව එතකොට ඒකනම් ගොඩක් අය දන්නවනේ "
"මස්සිනාලා විතරක්ම නෙමේනේ "
"අහ් නෑ අපි හොඳම යාලුවෝ නේද ශෙහාන් "
"ඔව් "
මේ ගෑනිට ඕන්නැති ලබ්බක් නෑනේ අක්කරයක් විතර කර කපපු මගුලක් ඇඳන් එහෙට මෙහෙට ඇබරි ඇබරි නලියනවා ඉවරයක් නෑ ..... ආහ් කෝටි පහක් දුන්නත් ආයේ මේ වුට්ටවල් වලට එන්නෑ මගුල
"ශෙහාන් කොහොමද ඉතින් ජීවිතේ "
"වරදක් නෑ .... ටිකක් බිසී ඒ උනාට සතුටින් ගත කරනවා "
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...