"අක්කේ ...!"
මායි ආරුයි බිම ඉදගෙන මාම්ට හේත්තුවක් දාගෙන හිටියත් අක්කා හැදුවේ උඩ තට්ටුවට යන්නද කොහෙද ඒත් මම දැක්කා එයා ඇවිදගෙන යන්නේ රුයිතෙට අඩි තිය තිය කියලා ඒ හිතලා හුස්මක් ගන්න හම්බුන්නෑ අක්ක පඩි පෙල අල්ලගෙනම බිමට ඇදගෙන වැටුනේ මිනාගි අක්කා බය වෙලා සොෆීවත් උස්සන් එතනට දුවද්දි
"අනේ ඇයි මේ "
"ඊයේ දවල් ඉදලා ඔය බඩට කෑමක් නෑ අක්කේ "
මම බිම බලාගෙන කිව්වේ අපේ අක්කගේ අත හිමීට අතගාන ගමන් .... එයාට සිහිය තියෙනවා නමුත් එයා ඉන්නේ මේ ලෝකේ නෙමේ වෙන ලෝකෙක වගෙයි හැසිරෙන්නේ
"ඉන්න මම එයාව උඩින් ගිහින් තියන්නම්"
ඩෑඩ් අක්කව උස්සලා අරන් කාමරෙන් තියන්නම් කියලා පඩිපෙළ නගින්න පටන් ගත්තේ මම ආයෙම ගිහින් මාම්ගේ එහා පැත්තෙන් ඉදගෙන මාම්ගේ පපුවට තුරුල් වෙද්දි
_____________________
රෙහානා හිටියේ මේ ලෝකේ සිහියක නෙවෙයි කියන්න ඕනම කෙනෙක්ට පේනවා සිහියෙන් හිටියත් කෙල්ල ඉන්නේ වෙනම මතකයන් අස්සේ හිරවෙලා
පැත්තකින් හුස්මත් බෙදාගත්ත සහෝදරයා අනික් පැත්තෙන් ආත්මීය ඒකපාර්ශවික ආදරේ ....
මේ වෙනකොට ඒ දෙන්නගෙන් එක්කෙනෙක් වත් මේ ලෝකේ නෑ කියලා මතක් වෙනකොට කෙල්ලට හිතුණේ පණ පිටින් වැලලිලා යන්න
"රෙශ් "
"......"
"රෙශ් ... "
"......"
"ලමයෝ "
"....."
"රෙශ්නි ...ඇයි දරුවෝ මේ "
මතකයන් අස්සේ පීන පීන හිටිය කෙල්ලව මේ ලෝකේ සිහියට ගන්න පුලුවන් උනේ කන ගාවින්ම ඇහෙන ලාමක කටහඩත් ඔලුවට දැනෙන හීනි ස්පර්ශයත් නිසා
"....."
වචනයක් වත් කතා නොකර රෙහානා මිනාගි දිහා බලලා ඇද උඩ ඉන්න කෙල්ල දිහත් බැලුවේ කෙල්ලගේ හිතට පුදුම තරම් අසරනකමක් දැනෙද්දි
නිකන් හිතන්න එක පොඩි වරදක් නිසා අම්මෙක්ට තාත්තෙක්ට දරුවෙක් නැති උනා නෝනාට මහත්තයා නැති උනා මහත්තයට නෝනා නැති උනා සහෝදර සහෝදරියන්ට ඒ දෙන්නව නැති උනා
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...