71- පළිඟු දිඟහැරුම ♡

2K 213 327
                                    

සසිත හිටියේ බස් එකේ මැද හරියේ ශීට් එකක ශටර් කොනටම වෙන්න ඉඳගෙන ශටර් එකත් හායි ගාලා ඇරගෙන ඒකෙන් එළියට මූන දාගෙන

කොල්ලට නොකිව්වට සෑහෙන්න දුකයි දැනට සති තුනක් ... හරියම සති තුනක් ටවීශ්ගෙන් එකම එක කෝල් එකක් වත් කොල්ලට ආවේ නෑ ... අඩුම තරමේ ලෙඩක් දුකක් නැතුව හොදින් එහෙට වෙලා ඉන්නවද කියලා වත් අහන්න සසිතව විදිහක් නෑ

ඉස්කෝලෙන් පික් කරන්න ඉස්කෝලෙට ඩ්‍රොප් කරන්න , වැඩ වලට උදව් කරන්න, බැරි දේවල් කියලා දෙන්න , එයාව හුරතල් කරන්න, සීතල වෙලාවට ඒ අත් අස්සේ හැංගෙන්න , දුක හිතුනම තුරුල් වෙන්න ඉස්කෝලේ වැඩ වලට ස්ට්‍රෙස් වුනාම ඔළුව අත ගාවගන්න කොටින්ම ආදරේ අදිමාත්‍රාවත් ඉක්මවුන තැන හොරෙන්ම උණුසුම් හාදුවක් ඉල්ල ගන්න කෙනෙක් තව දුරටත් සසිත ගාව නෑ කියලා දැනුනම කොල්ලා පිටතින් නැතත් ඇතුලින් සෑහෙන්න ඇඩුවා

කවුරුත් හිතනවට වඩා සෑහෙන්න ලාමක හිතක් තියෙන හුරතල් කොල්ලට හැම වෙලේම තාත්තා නැති එයාට තාත්තෙක් උණ තාත්තගේ ආදරෙයි බෝයිෆ්‍රෙන්ගේ ආදරෙයි යාලුවගේ ආදරෙයි හැම ආදරයක්ම එකට ගුලි කරලා දෙන වචනෙකින්වත් හිත රිද්දන්නේ නැති ටවීශ්ව සෑහෙන්න මතක් උනා

"එක්ස්කියුස් මී පොඩ්ඩක් එහාට යනවද ඇගේ ඇලෙන්නැතුව "

ෆෝන් එකෙන් ඉන්ට්‍රැක් ක්ලබ් එකේ ලියුම් වගයක කරෙක්ශන්ස් කර කර හිටිය කොල්ලාගේ ඇගට ටිකක් මැදි වයසේ පිරිමි කෙනෙක් එනවා වගේ තේරෙනකොට කොල්ලා බය හිතුනත් බය යටගහන් රවලා බලලා ආයෙම ෆෝන් එකට අවදානේ දුන්නේ එයා ඉස්කෝලේ DHP නිසා ... වැඩ සෑහෙන්න ගොඩ ගැහිලා මොකද මේ දවස් ටිකේම කොල්ලට සැනසිල්ලක් නෑ අඩුම ටොප්.බෝඩ් එකෙන් වත් කොල්ලට ලං වුන එකම එකෙක් නෑ ඒ බැච් එකෙ

"එක්ස්කියුස් මී සමාජෙට විහිළුවක් වෙන්නැතුව ඉන්නවද මිස්ටර් වදයක් නොවී "

දෙවනි පාරටත් තමන්ගේ ටී ශර්ට් එක අස්සට එහා පැත්තේ මිනිහා අත දානවා දැනෙනකොට සසිතගේ රතු කට්ට පැන්නේ කොල්ලා දත්මිටි කාගෙනම නාකියා දිහාවට ඇස් හරවද්දි

"උඹ හරි ලස්සනයිනේ පොඩි එකෝ ගෑනියෙක්ටත් වඩා "

"මොකක්ද හුත්තො තෝ කියන්නේ ?"

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈTahanan ng mga kuwento. Tumuklas ngayon