අන්තිමට ඒ දවස උදා වුනා ....
රොනාල් හිටියේ තමන්ගේ බෙල්ල වටේ අත දාලා තමන්ට තුරුල් වෙලා හොදටම නින්ද ගිහින් හිටිය පොඩි කෙල්ලව පපුවට තද කරගෙන හෙයාර් ස්ටයිල් එක දාන බියුටීශියන්ට ප්‍රශ්නයක් නොවෙන්න ඔලුව කෙලින් කර ගෙන
"සර් මේ ලිප් ටින්ට් දෙකම සර්ගේ ස්කින් ටෝන් එකට ගැලපෙනවා සර් කැමති මොකටද ? "
"නියුඩ් කලර් එකට .. "
"තැන්ක්ස් සර් ... "
බියුටීශියන් හෙයාර් ස්ටයිල් එක දාලා ඉවර වෙලා හෙයාර් ස්ප්‍රේ එකත් ගහලා කටහඩ බාල කරලා රොනාල්ට කතා කරේ පොඩි කෙල්ල රොනාල්ගේ උරහිස උඩ සැපට නිදි නිසා .... නින්දෙන් ඇහැරුනොත් අඩයි කියන බයට රොනාල්මයි බියුටිශියන්ට කතා කරන්නත් එපා කිව්වේ
හරිම සිම්පල් ලයිට් ස්කින් ටෝන් එකටම ගැලපෙන මේකප් එකකට සුදු පාටම ෆුල් සූට් එක ඇදලා කොන්ඩේ පොඩ්ඩක් උස්සලා මූනට වැටෙන්න හදලා තාම කෝට් එක නොදා ඉන්න රොනාල් කෙල්ලව තුරුල් කරන් හිටියේ කවදාවත් නැතුව රොනාල් ගාව කෙල්ල නිදාගත්ත නිසා
"ඕකේ සර් වැඩ ඉවරයි .... "
අන්තිමට අඩු පාඩුත් බලපු බියුටීශියන් කන්නාඩියෙන් පේන රොනාල්ගේ ප්‍රතිබිම්බයට හිනාවෙලා රොනාල්ටයි පිටි පස්සේ සෝෆා එකේ හිටිය ශෙරින්ටයි එහා පැත්තේ හිටිය නෙහාන්ටයි තුන් දෙනාටම බෝව් කරලා රූම් එකෙන් එලියට ගියේ ශෙරින් රොනාල් ගාවට යද්දි
"උදේ වැඩේ කොහොමද ? "
"කතා කරන්න එපා ආන්ටි පණ ගිහින් ඉන්නේ "
___________________
නෙහාන් අයියගේ කතාවට නම් සිරාවටම හිනා ගියා බුදු අම්මෝ ආයේ මගුල් නම් එපා ....
මේකයි උනේ
අපිට ශූට් එකට ප්ලේස් එක ෆික්ස් කරලා තිබ්බේ ගෝල් ෆෝර්ට් එකට උදේ හයට විතර ඉතින් ලෑස්ති වෙන්නත් ඕනි නිසා මම පාන්දර දෙකට විතර ආරුවත් නැගිට්ටවන් ළමයි තුන් දෙනාව මාම්ට ගිහින් දීලා නෙහාන් අයියවත් වාහනේට දාගෙන මගින් ජොඑලාවත් අල්ලන් දාගෙන ගාලු එන්න ආවා
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...