132- පළිඟු දිඟහැරුම ♡

2.2K 213 269
                                    

" පුර සද හැඩයි - මසකට වරයි
  තරු කැට පොඩියි - සැම දින දෙලෙයි
  පුර සඳ නොවේ .....
  තරු කුමරියේ ..... මම ඔබට පමණයි ආදරේ .... "

බෑග් එකකට සොෆීගේ රෝස පාට ෆ්‍රොක් එක පැක් කරලා ඒ බෑග් එකයි තමන්ගේ ඩ්‍රෙස් එකයි අරගෙන පල්ලෙහා තට්ටුවට ආපු මිනාගිට ඇහුණේ හුරුපුරුදු වොයිස් එකකින් නුහුරට ගැයෙන ගීතයක් .....

ඒ කටහඬ ගැන ගත්තොත් පිරිමියෙක් තරන් රලුත් නෑ ගෑනියෙක්තරන් සුමටත් නැති කටහඩක් .... ලයාන්විත නෑ ගැබුරුයි කටුක නෑ මිහිරියි

හැබැයි ඒ අන්තිමට කියපු පේළිය නිසා මිනාගිගේ ඇස් ලොකු වෙලා ගියේ නොදැනිම ප්‍රංශ මාදිලියට හදලා තිබ්බ ජනේලෙන් කටහඬ ඇහෙන පැත්තට එයාට අඩි තියවෙද්දි

" එක දිනෙක මසකට - මවන රූ සිරි සදවතී
  අවපස හැරී - නොපෙනී යතී
  හැම දිනම එකලෙස මදෙසා බලනා නිවී නිවී
  තරු කුමරියේ ..... මම ඔබට පමණයි ආදරේ ..... " .

ආයෙම ආයෙම ඒ වොයිස් එක ... ඒත් මිනාගිගේ අතින් කවුරුහරි අල්ලනවා දැනුනමයි කෙල්ල හරි සිහියට ආවේ

"අම්මා ... "

"ශ්හ් ... මෙතන ඉඳන් බලන් ඉන්න .... ඔයා එයා ලගට ගියොත් එයා සින්දුව නවත්තනවා කියන්නැතුව ... "

"ඒ රෙශ්නිද ? "

"ම්ම් මම හිතුවා කාලෙත් එක්ක එයා එයාගේ ලස්සන දේවල් අමතක කරලා කියලා ඒත් නෑ බලන්න .... විශ්වාස කරන්න බෑ වගේද ඔයාම බලන්න ඒ එයා තමා ... "

මිනාගි ශෙරින් හිටිය තැනින්ම එබිලා බැලුවේ රේන්ජ් රෝවර් එකෙන් මූන බැලුවොත් පේන සයිස් එකට හොදාකාරව හෝදන ගමන් සිංදු කියන රෙහානා දිහා .....

මුලින්ම කටහඬ ඇහුන හැටියේ එලියට ආවේ ශෙරින් .... අවුරුදු ගානකට පස්සේ රෙහානා සිංදුවක් කියනවා දැක්කම ශෙරින් ඇහි පිල්ලමක් වත් ගහන්නැතුව බලාගෙන හිටියේ රෙහානාට බාධාවක් නොවෙන්න

ඔව් සමහර විට රෙහානා දකින්නැතුව ඇති ශෙරින් ඉන්නවා සමහර විට මේ මොහොතෙත් එයා දකිනවා අති ශෙරිනුත් මිනාගිත් එතනට වෙලා ඉන්නවා ... හැබැයි කොහොම නමුත් එයා එයාගේ සිංදුව නැවැත්තුවේ නෑ මට පේන්නේ එයාට එහෙම කරන්න ඕනි කමකුත් නෑ වගේ

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now