97- පළිඟු දිඟහැරුම ♡

2.4K 235 557
                                    

"මැඩම් "

"ම්ම් "

"සමාවෙන්න "

"ෆෝ වට් ?"

"විශ්වාසේ කැඩුවට ...... "

"ඉදගන්න "

රෙහානා ගත්ත ෆොටෝ ප්‍රින්ට් වෙන්න දාලා ඇවිත් නෙහාන්ගේ ඉස්සරහා පුටුවෙන් ඉදගත්තේ කතාවකට මුල පුරන්න

"මුලින් මම කෑ ගහපු එකට සමාවෙන්න නෙහාන් .... "

"මැඩම් ?"

"මම බැලුවේ මගේ පැත්තෙන් විතරයි ඇරත් කේන්ති ගිහින් හිටියේ මම .... මට අමතක උනා උබලා දෙන්නව එව්වේ ශෙහාන් කියලා "

"මැඩම් අයියා දන්නෑ "

"ම්ම් ඒක තමයි මම ඌව මුලින්ම අයින් කරේ .... මට උබට රහස් කියන්නයි ඌට නොකියන්නයි දෙකක් බෑනේ කොල්ලෝ "

"තෑන්ක්ස් මැඩම් "

"සීමාවක් ඇතුව කරපන් ..... උබ දැනුම් තේරුම් තියෙන එකා ඔතන ඉන්න ..... අනික් උන් දෙන්නම පොඩි එවුන් .... පේනවනේ මදුරුවෝ මරනවා වගේ මිනී මරන හැටි "

"ම්ම්"

"දැන් යන්න තොපි නිසා රැයවල් දෙකක් කොකේන් වලින් ඇද්ද මට දැන් නිදි විකාරේ වගේ ... නෆ්‍රාස්ට ඇඳුමක් දීලා ළඟින් තියාගනින් ... පොඩි එකා කොහේ යයිද දන්නෑ ඊළඟට "

"අනේ ඌ පොඩි වයසින් විතරයි ... මට නම කියන්නේ ඔයාටත් එහෙමයි ... කට නම් එව්ව් අද රෑට නිදාගෙන ඉවරයි මං .... ඕකාගේ වැඩ පොඩි නෑ අක්කේහ් ... ඕකා මහ ඇනයක් "

"ආ ආ .... ඇහෙන්න කියන්න එහෙම එපා ඕවා දත් ඇදි හොයන්න වෙයි ..... විහිලු නෙමේ රෑට ඇවිදින්න දෙන්න එපා අපි විතරක් නෙමේනේ මේකේ ඉන්නේ "

"හරි "

නෙහාන් පුටුවෙන් නැගිටලා යනකන් බලන් හිටිය රෙහානා  ප්‍රින්ට් අවුට් ගත්ත කොල ටික එකට එකතු කරලා ස්ටෙප්ලර් කරලා මේසේ උඩින් තිබ්බේ කලු පාට ජැකට් එකක් එක්ක ෆේස් මාස්ක් එකක් අතට ගන්න ගමන්

"දැන් ඉතින් විදුලි වේගෙන් මහරගමට පදින්න තියෙන්නේ "

වටපිට බලලා ෆයිල් එක ජැකට් එක අස්සෙන් ගහගත්ත රෙහානා පිටිපස්සේ ගේට් එකෙන් පැනලා අඩි ගාණක් ඉස්සරහට ගිහින් බියර් ශොප් එකක් ඇතුලට ගියේ යතුරක් ඇඟිල්ල වටෙ කරකවන ගමන්

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now