සතියක් තිස්සේ පැවතුණු අවසාන වාර පරීක්ශනයට කොල්ලෝ ඔක්කොම පන යනකන් මහන්සි උනේ අනිත් පැත්තෙන් ඉස්කෝලෙට ඩියුටි කරන්න තියෙන අවසානම සති දෙක නිසා ආපස්සට හැරිලා බලනකොට ඉස්කෝලේ වෙනුවෙන් කාපු කට්ට අමතක වෙලා ඒ කට්ට කාපුවගේ අවසාන සුන්දර ප්‍රතිඵල වලට දැනෙන ආඩම්බර හැඟීම නිසාම අවසාන ශ්‍රේණියේ ළමයි සෑහෙන්න ආඩම්බර උනා ....
මේ තමා එයාලගේ ඉස්කෝල ජීවිතේ අවසාන සතිය ..... අනික් ළමයි නම් දැන්ම ස්ටඩි ලීව් දාලා තිබ්බත් ප්‍රිෆෙක්ට් කොල්ලෝ තුන් දෙනාට වගේම නේචර් ක්ලබ් එකේ ප්‍රසිඩන්ට් වෙච්ච නුරායුටත් අවසාන සතියෙත් වැඩ රාජකාරි
දැන් මේ කොල්ලෝ තුන් හතර දෙනා ලෑස්ති වෙන්නේ නේචර් ක්ලබ් එක ඕගනයිස් කරලා තියෙන ගල්කිස්ස බීච් එක ක්ලීනප් කරන වැඩේට ජොයින් වෙලා රෑට ඇස්ට්‍රොනොමි ක්ලබ් එකෙන් ඕගනයිස් කරලා තියෙන නයිට් කෑම්ප් එකටත් ජොයින් වෙලා හෙට උදේම සෙට් එක ගෙවල් දොරවල් කරා යන්න එතනින් පටන් ගන්න ස්ටඩි ලීව් එක ඉවරයක් වෙන්නේ විභාගේ තියෙන දවසට තමා අන්තිමේදි ....
"මම උබ වගේනම් අතෑරෙන්න දෙන්නෑ කවදාවත් "
"අතෑරිලා ගිහින් ඉවරයි ....!"
"උඹ මුරන්ඩුයි නුරායු !"
"උබ මං ඉන්න සිටුවේශන් එකේ හිටියනම් ඔහොම කියන්නෑ ආරධ්‍ය !"
"ම්ම්"
ශෙහාන් වගේම නුරායුත් බීච් එකේ ඉඳගෙන මේ බලාගෙන ඉන්නේ කොල්ලෝ හතළිහකට වැඩිය එකතු වෙලා බීච් එකම ක්ලීනප් කරන විදිහ .... සති දෙකක් දිගින් දිගටම වෙනස් වෙන නුරායුගේ හැසිරීම කාටත් කලින් අහුවුනේ ශෙහාන්ට කිව්වොත් විශ්වාස කරනවද ....? ඔව් ඒක එහෙමයි ... කොහොම තේරුම් ගත්තත් නුරායුගේ හැසිරීම අමුතුවෙන් තේරුම් ගන්න ශෙහාන්ට බෑ ඒ තේරුම් ගත්තා කියලා නුරායුගේ ජීවිතේට ඇගිලි ගහන්නත් එයාට බෑ
ශෙහාන් කවදාවත් නැතුව කතාවකට මුල පිරුවත් නුරායුගේ අවධානයක් නෑ කියලා තේරුන නිසා කොල්ලා වෙරළ දිගේ වැලි නාන ජොඑල් දිහයි රොනාල් දිහයි හිස් බැල්මෙන් බලන් හිටියා
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...