119- පළිඟු දිඟහැරුම ♡

2.1K 201 550
                                    

"වොහ්හ් මේක හරි ලොකු ගෙදරක්නේ "

රොනාල් ඔලුව කරකව කරකවම මිස්ටර් අලවුදීන්ගේ මැන්ශන් එක වටේට ඇස් යැව්වේ පුදුමාකාර හැගීමකින්

පුදුමයි මේ ගේ හැංගිලා තිබ්බා මෙච්චර කල් !!

සාමාන්‍යෙන් උදිත ඉන්නකල් නම් කීයටවත් මේ ගෙදර හැංගිලා තියෙන්න විදිහක් නෑ

සෝ අන්තිම නිගමණය

මේ ඔක්කොම යාලුවෝ මල්ලි !

රොනාල් දන්නේ පිලියන්දලින් ඇතුළේ පාරකට හැරෙව්වා කියලා විතරයි එතනින් එහාට රෙහානා කරේ අරහෙට මෙහෙට රොනාල්ට වමනෙට එනකන් වාහනේ කපපු එක විතරයි කියන එක විතරයි රොනාල්ට මතක

"ඔය ඇවිදින්නේ ඇදේට ...... ඔහොම ඉන්න මම එනකන් "

ශෙහාන්ට වඩා අඩි ගාණක් පස්සෙන් ආපු රොනාල් වැනි වැනි ඇවිදින ශෙහාන් ගාවට ලං වෙලා කොල්ලගේ අතක් තමන්ගේ උරහිස වටේ දාගත්තේ ශෙහාන්ට ඇවිදින්න පහසුවට ...

ශෙහාන් දුර්වල නෑ ... නෑ කොහෙත්ම නෑ කොල්ලට ලැබුන මෝටිවේශන් එක ඉහටත් උඩින් ... ශරීරය දුර්වලයි ඒත් ඒ හිත පලිගැනීමේ ගැබුරුම තැනට කිමිදිලා

මම කියන්නෑ පලිගැනීම හොද චේතනාවක් කියලා නමුත් මේක වෙනස් !!

මිලියන ගානකට කැඩිච්ච හදවතකින් මේ ප්‍රශ්නේ දිහා බැලුවොත් ඔව් අනිවාරෙන්ම උත්තරේ පලිගනින් කියන එක විතරමයි

රොනාල් තාමත් ඉන්නේ අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරි මානසික මට්ටමක

එක අතකට රොනාල් ශෙහාන්ට බොරු කාරයා කියලා දොස් කියපු එකට පසු තැවෙනකොට අනික් අතින් මොහොතකට හරි ශෙහාන්ව තනි කරපු නිසා පසු තැවුනා

මොකද කියනවනම් බොරුකාරයා ඇත්ත කියනකොට එක දිගට පපුවට ගහපු හෙන ටික තාමත් රොනාල්ගේ පපුවට බර වැඩි උනා

එච්චර දුකක් ...පුංචි කාලේ ඉදන්ම ?

ඒ දරාගෙනත් තමන් ඉස්සරහා ප්‍රින්ස් චාමින් වගේ හිනාවෙලා රගපාපු විදිහ

රොනාල් කල්පනා කරා තමන්ට මේ දේ උනානම් කියලා

නෑ කොහෙත්ම එහෙම උනානම් පලිගන්නත් කලින් රොනාල් මැරිලා යනවා ඒ දුක දරාගන්න බැරුව

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈOù les histoires vivent. Découvrez maintenant