136- පළිඟු දිඟහැරුම ♡

2.2K 215 453
                                    

සෙරමනි එක ඉවර උනාට පස්සේ BMICH එක වටේට අපේ බැච් එකේ කොල්ලෝ කෙල්ලෝ පවුල් බදාගෙන ෆොටෝ ගහනවා .... මම කියලා වෙනසක් නෑ මගේ අත් දෙකෙත් මල් බොකිස් තුනක් හිර වෙලා

කලු පාට ග්‍රැජුවේශන් ගවුන් එකත් එක්කම මාම් එක්කයි ඩෑඩ් එක්කයි ෆැමිලි ෆොටෝ එකක් ගත්ත මම හැට් එකයි ගවුන් එකයි දෙකම ගලවන ගමන් වට පිට බැලුවේ ළමයි තුන කෝ කියලා බලන්න ...

"මාම් කෝ තුන් දෙනා .... "

"ප්‍රින්සස්නම් අන්න ඩෑඩ්ට කියලා කොන්ඩේ බන්දව ගන්නවා ඔයාට පේන්න ලස්සනට ඉන්න ඕනි කියන්නේ "

"අම්මෝ එහෙමද "

"තාත්තිහ් .... "

මම මාම් එක්ක කතා කර කර ඉන්නකොට මගේ දනිස්ස ගාවට වත් උස නැති එවාන් දුවගෙ ඇවිල්ලා මගේ කකුල බදාගත්තේ මම පල්ලෙහාට බැල්මක් දාලා එයාගේ කොන්ඩේ අවුස්සද්දි

"කෝ අයියයි අක්කයි .... "

"දල්ලෑ ....මේහ් "

"මයි ගෝඩ් මේක මටද චෑම්ප් .... "

අතේ තිබ්බ මල් බොකි තුනම මාම්ගේ අතට පාස් කරපු මම එවාන්ගේ අතේ තිබ්බ ෆ්‍රෙශ් වයිට් රෝස් එක අතට අර ගත්තේ එවාන්ගේ ගානටම පහත් වෙලා කොල්ලගේ අත් දෙකම කිස් කරන ගමන්

"ඕ තාත්තිට චෑම්ප් තෝර ගත්තේ ඕකනේ ... ඕ ඕක තමා .... ලස්සනයි නේද .... ම්හුක් ... "

"ලස්සනයි ... "

එවාන්ගේ අතටත් කිස් එකක් දීලා කම්මුලටයි නහයටයිත් කිස් එකක් දීපු මම කොල්ලගේ උරහිස වටේ අත දාලා පපුවට තුරුල් කරගත්තේ හිනා වෙන ගමන් ....

ඊට පස්සේ මේ මල තේරුවේ කවුද අහන්න මාම් දිහා බැලුවම මාම් කිව්වේ ඒක එයාම තෝර ගත්ත එකක් කියලා ......

"එවෝන් ... !! "

හරි යසයි ලොකු පුතේ ඒ කරපු නොහොබිනා කමනම්

මූට තියෙන්නේ මහ අප්පගේ ඉරිසියාවක්නේ යකෝ උගේම මල්ලිවනේ මේ ඇටයා ඇදලා පස්සට කරේ ...

"සොරි තාත්ති ... දිස් ඊස් ෆෝ යූ .... "

"වාහ් ... තෑන්ක්ස් බට් ප්ලීස් මල්ලිට ආයේ එහෙම කරන්න එපා වැටුනොත් තුවාල වෙනවානේ පුතේ ඕකේ "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now