138- පළිඟු දිඟහැරුම ♡

2.2K 220 245
                                    

"ගුඩ් මෝනිං සර් "

"මෝනිං"

අලු පාට ෆුල් සූට් එකට ගැලපෙන්නම කලු සපත්තුත් දාලා උදේ අටහමාර වෙනකොට කම්පැනි එකට අඩිය තියපු රොනාල් තමන්ගේ කැබින් එකට එන්න ආවේ පිටි පස්සෙන් ඇසිස්ටන් කොල්ලා ඇවිත් ග්‍රීට් කරද්දි

"සර් නවයයි කාලට අර පේන්ට්ස් කම්පැනි එකෙන් මීටින් එකක් තියෙනවා .... "

"ම්ම් රිමයින්ඩ් මී ලේටර් ඇන්ඩ් මොකක්ද අර මිස්ටර් ශෙහාන් යටතේ තියෙන ගාමන්ට් එකේ ආවා කියන ප්‍රශ්නේ ... "

"ස්ට්‍රයික් එකක් සර් මිස්ටර් ශෙහාන් අබ්‍රෝඩ් වෙලා හිටියනේ දවස් දහයක් ඒ දවස් දහයේ ඇතුලේ හිටපු සුපර්වයිසර් කෙනෙක් පැය හතළිස් අටක් එක දිගට එකම ශිෆ්ට් එකෙන් වැඩ අරගෙන ..... "

"එච්චර හරියක් වෙනකං අපේ එවුන් මොකද කරේ ...... බලනවා ඒ මනුස්සයා රට ඉඳන් ඇවිත් දවසක් හුස්මක් ගත්තේ නෑ ගියා ඒ ප්‍රශ්නේ බලන්න ..... කවුද ගාමන්ට් එකේ වැඩ බලන්න හිටිය අපේ අය එන්න කියනවා එකොලහ වෙනකොට .... "

"හරි ....මං කියන්නම් සර් .... "

"මුන්ට වැඩක් දුන්නම ඒක කරන්න බෑ අනික් හැමදේම කරනවා ...... "

කේන්තියෙන් මුමුනපු රොනාල් කැබින් එක ඇතුලට යද්දි ප්‍රයිවට් ඇසිස්ටන්ට් කොල්ලා ඔලුවේ අත ගහ ගත්තේ අද බඩු හරි කියලා ඔලුව වටේටම සිග්නල් ලයිට් පාට තුනෙන්ම පත්තු වෙද්දි

මම හිතන්නේ ඇසිස්ටන්ට් කොල්ලාගෙන් හිටපු බොස්ද දැන් ඉන්න බොස්ද තෝරගන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අවිවාදෙන් තොරවම තෝරගන්නේ ටිකක් සැර උනාට නිහඬ රධීශ්ව .... මොකද රොනාල්ගේ මූඩ් එක ඔෆිස් එක ඇතුලෙදි කාලගුනේ වගේ කියන්න හොදටම දන්නේ මූනේ .... ඇයි ඉතින් මේ ඉන්නවා හොදට ආයේ ටිකකින් මල පැනලා මොකකට හරි ...... ආයේ ඉතින් ඒ වෙලේට මොකක් හරි අවුලක් ආවොත් වැඩිය ඕන්නෑ ෆයිල් එකක කැපිටල් A අකුර සිම්පල් A අකුරක් විදිහට වැදිලා අහු උනත් ඇති මුලු කම්පැනි එකේ ටොප් කෲ එකටම බල්ලට වගේ අහගන්න පුලුවන් හොදට ...

ඒ කොහොම කරත් කම්පැනි කෲ එක රොනාල්ට ආදරෙයි මොකද කම්පැනි එක වැටිලා වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දි අතට අරන් ගොඩ ගත්තේ අමාරුවෙන් උනත් රොනාල් නේ ..... ශෙහාන් යටතේ සාමාන්‍ය ප්‍රමානෙන් කම්පැනි එක දිව්වත් රොනාල් නිසයි කම්පැනි එක අද ටොප් ෆයිව් අතර තියෙන්නේ ....තව දවස් කිහිපයක් එහා මෙහා උනානම් වැඩ කරපු මිනිස්සුන්ට ආයෙම ජොබ්ස් හොයන්න වෙනවා..... මිනිහා ටිකක් තදයා තමයි ඒ උනාට දක්ශ පොඩි කොල්ලෙක් කියන එක හාමවෙලේම ඒ මිනිස්සුන්ගේ ඔලුවේ තිබ්බා ....

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now