104- පළිඟු දිඟහැරුම ♡

1.8K 207 388
                                    

"නෙහාන් DC Block එකට හරවපන් ඔහොම්මම "

වාහනේ අරන් එන ගමන් හිටිය නෙහාන්ට ශෙහාන් ඕඩර් එක දුන්නේ කිව්ව පමාවට කොල්ලා වාහනේ මෙච්චර වෙලා ආපු මේන් රෝඩ් එකෙන් අතුරු පාරකට හරවද්දි

"ඒපාර කොහෙද මේ යන්නේ උබලා මාව කොල්ල කන්නද යන්නේ ?"

ඇත්තනේ ඉතින් මාෆියා කාරයෝ තුන් දෙනෙක් එක්ක මෙතන එක පොලිස් කරයායි ඉන්නේ තනියට එක බල්ලෙක් නෑ

ඉදලා හිටලා මුන්ගේ ට්‍රැක් පයින හැටියට මුන් කොල්ල කන්න නෙමේ පිටරට විකුනන්නත් බැරි නෑ පණ පිටින් ඉන්නකොට

එහෙමත් නැත්තං අවයව ටික වෙන වෙනම බ්ලැක් මාට් එකටත් යන්න පුලුවන් .... කියන්න බෑනේ මුන් එකෙක්වත් විශ්වාස කරන්න පුලුවන් එවුන් නෙමේනේ

"ඔයා කොහොමද මැඩම් හා පැටව් වගේ අපි එහෙම දෙයක් කරයි කියලා හිතුවේ "

"මට උබලා එකෙක් වත් ශුවර් නෑ "

"හැපූ මූනටම කිව්වා බලන්නකෝ ලොක්කා ඉහි ඉහි "

"කවුරුහරි මූට ඔස්කා සම්මානෙන් දමලා ගහපන් මු උබලෑ වැඩ වලට එන්නෙත් මෙහෙම නහයෙන් අඩ අඩ ද ?"

රෙහානා පිටි පස්සේ ශීට් එකේ දිගෑදෙන ගමන් එහා පැත්තේ හිටිය නෆ්‍රාස්ටත් පැසෙන්ජර් ශීට් එකේ හිටිය ශෙහාන්ටත් බැල්මක් දුන්නේ දෙන්නම කට කොනින් හිනා වෙද්දි

"මේක බලන්නකෝ !"

නෆ්‍රාස් ෆෝන් එකක් අරගෙන ඒකේ තිබ්බ වීඩියෝ ක්ලිප් එකක් දාලා දුන්නේ රෙහානා අතට අරන් බලද්දි

ඒකේ තිබ්බේ එක අතකින් ශූට් කරන ගමන් අනික් අතින් මිනිහෙක්ව බිම දාගෙන බෙල්ල මිරිකන් ඉන්න නෙහාන්ව

නිකන් නෙවේ සම්පූර්න අවදානයම උකුස්සෙක්ට දෙන ගමන්

"උකුස්සෙක්!"

"ම්ම් මගේ ලිලී දන්නවනේ ලිලීව ... මරදානේ කුඩු සංජුව අල්ලන්න නිර්නාමිකව උදව් කර මිනිහාගේ උකුසු රැජින ආන් එයා මට ඇරෙන්න පාලනය කරන්න පුලුවන් දෙන්නයි එක්කෙනෙක් ගෝඩ් සන් අනික් එක්කෙනා තමා මේකා "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now