109- පළිඟු දිඟහැරුම ♡

1.9K 192 402
                                    

"මේ හැමදේම මෙහෙම නොවුනානම් තව කී දෙනෙක් ජීවිතෙන් වන්දි ගෙවලද ශෙහාන් ..... එක අතකට ජිනි ආන්ටි කරලා තියෙන්නේ සෑහෙන්න පිනක් ... අඩුම අපි මේවා එලි කරන නිසා තවත් අමාරුවේ වැටෙන්න ගිය මිනිස්සු තොගයක් අපිට බේරගන්න පුලුවන් දැන් ... ඒ විතරක් නෙමේ මේවා හොයාගන්න අපි පෙලබුන නිසා රටත් බේරගන්න පුලුවන් අපිට "

රෙහානා ශෙහාන්ගේ පිටට තට්ටුවක් දාලා කිව්වේ කොල්ලා ලා හිනාවක් දාලා නෆ්‍රාස් දිහා බලද්දි

"මට සමාවෙයන් "

"......."

"ජුවානා මමාව නැති කරේ මගේ ලේ වල අයිතිකාරයානේ "

"ඔෆ්කෝස් මම දන්නවා .....නමුත් උබ සමාව ගන්න ඕන්නෑ හරිම වෙලාවට අදාල පාර්ශවේට දඩුවම් ලැබේවි ගොඩ්සන් "

නෆ්‍රාස් ශෙහාන්ගේ පිටට තට්ටුවක් දාලා අතේ බැදන් හිටිය ඔරලෝසුවෙන් වෙලාව බැලුවේ උබ එක්ක මම ඉන්නවා වගේ හිනාවක් ශෙහාන්ට තිළිණ කරන ගමන්

"අර කෙල්ල හොදින්ද නෙහාන් ?"

"ඔව් ඩොන් ..... මිස් නෙලුම්ගේ පොඩි මල්ලි දෙපාරක් ඇවිත් බලලා ගියා ඒ ඇරෙන්න මුකුත් නෑ එහේ විශේෂ දෙයක් .... "

"එතකොට අපේ ලෝයර් "

"බය වෙන්න එපා සීයට සීයක් අපේ එකාව ගැරන්ට් කරන්න පුලුවන් ඌ ජීවිතේ දීලා හරි ලෝයර්ගේ ජීවිතේ බේරගන්නවා "

"මටත් ඒකටනම් ගැරන්ට් එකක් දෙන්න පුලුවන් "

නෙහාන්ගේ කතාවට රෙහානා හිනා වෙවි කිව්වේ යොහාන්ගේ හැටි හොදටම දන්න නිසා ... මිනිහා එසේ මෙසේ මනුස්සයෙකුත් නෙමේ ඇගේ පතේ හයියෙන් නම් නෆ්‍රාස්ටත් ලේසියෙන් බිම දාන්න අමාරු පොරක් යොහාන් කියන්නේ ... ඒක නිතරගයෙන්ම ඔප්පු වෙනවා මිනිහගේ තියුණු තීක්ශන ඇස් දෙකයි වේගවත් අංගචලනයි නිසා

"ඩොන් අගමැතිතුමා කොල් කරනවා "

"කෝ දෙන්න ... අගමැතිතුමා .....කොහොමද ඉතින් "

"........"

"හරි හදිස්සිය නේද ඉතින් ....නඩුව අදිනවා ලබන සතියේ බය වෙන්න එපා හදිස්සි වෙන්න එපා ..... විපක්ශේ දෙතුන් දෙනෙක් කචල් දානවානේ ඉතින් කොහොමත්.... උන්ව ඔබතුමාම බලාගන්න නඩුව දිනලා අවිවාදෙකින් තොරවම පනත සම්මත කරන්න පුලුවන් මට ... මොකද ජනාධිපතිතුමා දුව නැති උන දුකට සිත් තැවුලෙන්නේ ඉන්නේ මේ දවස් වල නේද අගමැතිතුමා "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now