"මම දන්නෑ ..... මට සෑහෙන්න බයක් දැනුණා ඌ අඩපු විදිහට "
"බීලද ඉදියේ ?"
"මං හිතන්නේ ඔව් බීලා නෙවේ නාලා .... පැටියෝ .... මම හිතන්නේ එයා කාට හරි ලව් ... කෝල් එක පුරාවටම මගෙන් ඉල්ලුවේ ඒ කෙනාව "
"ම්ම් අපි බලමුකෝ එයිනේ දැන් "
මමයි ආරුයි දැන් ඉන්නේ හිල්ටන් එකේ .... ජොඑල්ට මෙතන මීටින් එකක් කිව්ව නිසා අපි දෙන්නා මෙතනට ආවේ එයාට පහසුවක් වෙන්න ...
ඇත්තටම උනේ මේකයි ඊයේ රෑ එකහමාරට විතර එක දිගට ෆෝන් එකට කෝල් වැටෙද්දි මම සෑහෙන්න බය වෙලා ෆෝන් එක ආන්සර් කරේ කරදරයක් වෙලාද දන්නෑ කියලා ...
ඒත් මූ අඩ අඩ කාවද මගෙන් ඉල්ලනකොට මටම තේරුනා බඩු ගසලා තමා ඉන්නේ කියලා පොඩි පගයා
හැබැයි ඌ අඩ අඩ කියපුවා නිසා එතනින් පස්සේ මට කල්පනා ලෝකයක් විතරක් ලැබුනා කිව්වොත් තමා මම හරියටම හරි
"අපි ඌව දකින්නේ දැන් මාස දෙකකට විතර පස්සේ නේ ?"
"ම්ම් "
"ටවියත් හොදින් ඇතිද බං "
"එයත් හොදින් ඇති "
මම අපි ඉන්න තැනට පේන වින්ඩෝ වීව් එක බලාගෙනම එයා එක්ක කතා කරා .... ඇත්ත කතාව ඊයේ රෑ ඉදං මගේ හිතට බරයි ... ඇත්ත මමයි ටවියටයි දැන්නම් හොදටම තේරිලා තියෙන්නේ අපි දෙන්නා අසාර්ථක යාලුවෝ කියලා ... ඒත් මට තේරෙන්නෑ කොතනද මගෑරුනේ කියලා ..... මුල ඉදන්ම වෙනස් උනේ නුරා .... ඒ වෙනස් වීමට අඩුම හේතුවක් වත් දැනන් හිටියනම් ඌ අදටත් අපි එක්ක ඉන්න තිබ්බා
ඒත් කොහෙන්ද හේතු හොයන්නේ ... ඌ ගියේ පැදුරටත් නොකිය වෙනකොට .... එතනින් පටන් ගත්තා ජොඑල්ගේ වෙනස් වීම ... ඌ පුදුමාකාර වේගේකින් වෙනස් වුනේ .... අපිත් එක්ක අඩුම කතා කරේ වත් නෑ ඒ කතා කරත් කතා කරන්නේ උගේ ප්රයිවට් සෙකට්රි වෙනකොට ... මාස දෙකකින් විතර කෝල් එකක් අරන් අඩ අඩ මොනාද මන්දා කියනකොට ..... ඒක විදින්න හොද නැති හැගීමක්..... දුකට සැපට හිටිය යාලුවා අඩ අඩ කාවද ඉල්ලනවා ... කොහෙන්ද හොයන්නේ ඌ කියන කෙනාව අඩුම දන්නේ වත් නැතුව මම
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...