සමහර වාක්‍ය අපහැදිලි ඇති නමුත් දෙපාරක් කියවලා හරි තේරුම් ගනීවි කියලා හිතනවා ඒත් බැරිනම් අකේසිව අමතන්න ඕනි හරිද අකේසි ඉන්නේ ඒ ප්‍රස්න විසදන්න තමා ඕං !!.....
______________________
"මට මහන්සියී අනේ "
"මම කිව්වා චූටි අයියේ ගෙදරට ගෙන්නමු කියලා ඔයානේ බෑ බෑ කියලා එලියට ආවේ දැන් ඔය එන එන මනුස්සයා එක්ක ඔයාම කතා කරන්න ... "
"අනේ පීස් මාව හංග ගන්න බෑද ? මගේ කොන්දත් රිදෙනවා දැන්නම් "
"හොඳම වැඩේ මමනම් කියන්නේ .... දැන් කොහෙද රිදෙන්නේ මම කිව්වා එන්න ඕනි නෑ කියලා ඔයාට ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්ද ? "
යැයි යැයි අනේ අහක යන හෙනයක් හරි වදීන්නෝන .. මට මේ දෙන දුක් ගින්දරට මමද යකෝ කිව්වේ කන්ෆෙස් කරන ලබ්බක් fb දාන්න කියලා මේ සතියෙම ට්‍රෙන්ඩින් නම්බර් වන් හොට් නිවුස් එක ඒක ...... එලියකට බැහැගන්න බෑ මට කම්පැනි එකකට යන්න බෑ කම්පැනි එකේ එවුන් ගුජ් මෝනින් සර්, කන්ගැචුලේසැන් සෑර්, කේක් ඕනි සෑර් අරක සර් මේක සෑර් ගගා නහිනවා පාරට බැස්සොත් පාරේ මිනිස්සු උඩ පයිනවා සැහ් සෙලිබ්‍රිටි වයිබ් එකක් එන්නේ මේ දවස් වල ඔව් ඇත්තමයි ඔක්කොටම වඩා මගේ කොන්ද රිදෙනවා ආහ්හ් මේ මනුස්සයට කන්න දෙන්න හොද නෑ කන කන ඒවා යන්නේ ඇගට නෙමේ මුගේ ම්හක් මම පාව්ව්ව්ව්ව් !!
"අනේ එක්කෝ එපා අපි යං .... "
"මෙහෙන්මම NB එකටත් යමුද චූටි අයියේ අරුන් දෙන්නගේ ඇදුම් දෙක ගිහින් පිලියන්දලට දීලා ලමයිනුත් අරන් ගෙදර යන් අද ඔෆිස් යන්න ඕනි නෑ ඒ වැඩ මම කරන්නම් ..... "
අපි මේ ඉන්නේ හැව්ලොක් සිටි මෝල් එකේ සෙකන්ඩ් ෆ්ලෝ එකේ ළමයි තුනව නර්සරි දාලා පාන්දර ජාමෙම මෙහෙට බඩගෑවේ මෙහේ ශොප් එකකින් ඕඩර් කරපු ප්‍රින්සස්ගේ ගවුම අරගන්න ....
දැන් මේ මම නහින්නේ ඇත්තටම කීප දෙනෙක්ම ඇවිල්ලා මට කන්ග්‍රෑට්ස් කරලා කතාවට අල්ලගත්ත නිසා ඇයි දෙයියනේ ඒහා පැත්තේ ඉන්න එකා ආසාවකට කියලා මනුස්සයෙක් එක්ක කතා කරනවෑ මිනිස්සුන්ගෙ හිත හැදෙන්නත් එක්ක මම එපැයි කතා කරන්න මෙව්වට තමා ඉතින් මට නගින්නේ මොනාද දන්නවද ?
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...