"නැගිටින්න .... පැටියෝ නැගිටිනවකෝ අද ගෙදර යන්නැද්ද ?"
"ම්හක් "
"නැගිටපන්කෝ බන් "
මූ එක්ක බෑ කියන්නේ මේකනේ ..... නින්ද කිව්වොත් කන්න බොන්න ඕනෙත් නෑ හුකුන් හුකුන් ගගා ඉදි රෑ එලි වෙනකං හරි ... පික්කු කොල්ලාහ් මගෙහ් .... අම්මෙහ්
"නැගිටපන් වතුර එකක් හලනවා ඔලුවේ ඉඳන් "
"ම්ම් ෆයිව් මිනිට්ස් "
"ඕක ඔයා දැන් පැය බාගෙට කලිනිත් කිව්වා පැටියෝ "
"හරි හරි අනේහ් මෙහේ එන්නකෝ ටිකක් "
"මොකතේ ? යාහ් මේ මේ ඕවාට නම් එන්න එපා මල්ලි හරිතේ "
මූට වැඩි ආදරේ පාන්න ගියාම මුගේ ආදරේ දෝරේ ගලන්නේ මගේ ටී ශර්ට් එක අස්සටත් අත ගිහින් ඊලගට මම ඕනි දවසෙම කාගෙන ඉන්න ....
"ඔයා ලෑස්ති වෙලාද ඉන්නේ ?"
"හම් ඔයාගේ ග්රීන් ටී එක ඔය එහා පැත්තේ ටේබල් එක උඩ ... රෙදිත් හරි ගැස්සුවා මම "
මම ඇද පත්තෙන් ඉදගෙන එයාගේ ඔලුව අත ගෑවේ ඇස් වහගෙනම එයා මගේ ඉන වටේට අත දාලා මට තුරුලු වෙද්දි
"ලෑස්ති වෙන්න ඉතින් ඔන්න අර ඔයාගේ මොකක්ද ෆයිල් එකක් ගන්නත් යන්න ඕන කිව්වා නේ ?"
කොහොමහරි දෙන්නම උදේට කාලා ලෑස්ති වෙලා බෝට් එකෙන්ම කාර් පාක් එකට ඇවිල්ලා කාර් එකට නැග්ගේ මෙන්න මේකාගේ මොකක්ද ෆයිල් එකක් ගන්න යන්න
"ජුකයි ඒයි ආයේ එමු '
"ම්ම්ම් ආයේ එමු "
වාහනේ තනි අතින් පදිනගමන් අනික් අතින් මගේ කකුලට තට්ටු දදා එයා ඉස්සරහා බලන් කිව්වේ ඉර එලිය නිසා එයාගේ මූන තවත් ලස්සනට මට පෙනෙද්දි
"පැටියෝ මම දෙයක් අහන්නම් "
මං හිතන්නේ මගේ තිබ්බ සීරියස් ටෝන් එකටමද මන්දා එයා මගේ පැත්තට ඇස් හැරෙව්වේ අහන්න කියලා ඔලුවෙන් සන් කරන ගමන්
"ඔයාගේ ඉනේ තුවාල කැලලක් තියෙනවා මොක වෙලාද ඒ "
මට දැනුන හැටිද මන්දා මගේ කකුල උඩ තිබ්බ එයාගේ අත මොහොතකට තද උනා ... හැබැයි ඊලග මොහොතෙම ආයෙම ඒක සැහැල්ලු උනා ...
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...