මේ අතර ශෙහාන් තීම් එකයි කලර් එකයි අරකයි මේකයි ඔක්කොම කියලා ජොඑල්ට මාගලක් සයිස් දිග මැසේජ් එකක් දාලා තිබ්බේ ජොඑල් පොඩි එකාව කරේ තියන් හොටෙල් එක වටේ ඇවිද ඇවිද හොටෙල් කෲ එකේ ඔලුව කන්න යද්දි..... කවදා කරපු වැඩද මේ නෑනේ කිසිම අයිඩියා එකක් කොල්ලට මේ ගැන මුකුත් …… කලින් පාරත් සම්පූර්න රොනාල්ගේ අයිඩියා එකකටනේ එයාව සප්රයිස් කරේ
"සුදු මෙහෙට එන්න ඔය ළමයත් එක්ක අව්වේ මොකද කරන්නේ ... "
නුරායු දුර තියාම අව්වේ හිටගෙන නුවිරුත් එක්ක හරි හරියට කතා කරන ජොඑල්ට හෙවනට එන්න කිව්වේ ජොඑල් ලමයවත් උස්සන් නුරායු හිටිය හෙවනටම එද්දි
"ජෙහාන් හවස හතරෙන් පස්සේ මේ ඒරියා එකට කිසිම කෙනෙක් එන්න බෑ .... ඇන්ඩ් රෙඩ් ඇන්ඩ් ඈශ් ග්ලිටර් සෑන්ඩ් ඕනි සෝ ඒක පොඩ්ඩක් බලන්න "
"ඕකේ සර් "
"ම්ම් දැන් යන්න "
හොටෙල් මැනේජර් එක්ක වෙන්න ඕන දේ පැහැදිලිව කතා කර ගත්ත නුරායු නුවිරුව ජොඑල්ගේ අතින් අරන් බිමින් තිබ්බේ කොල්ලා වැලි ටිකක් අත ගාලා නුරායුගේ මූන දිහා බලද්දි
"ඩැදා "
"ම්ම් "
ජොඑල් නුරායුගේ අතට පොඩි එකා ගියපු නිසා ඉනටත් අත තියාගෙන වටේ කැරකි කැරකි ඉස්සරහට ගියේ කොල්ලා නුරායු එක්ක තනි වෙද්දි
"ලත්තනයි නේද ? "
"මොනාද ලස්සන මගේ කොල්ලට ... "
"අලහ් බලන්න "
කොල්ලා අත දිගෑරලා පෙන්නුවේ නුරායුටයි එයාටයි සෑහෙන්න ප්රමානෙක දුරක ඉඳන් කකුලෙන් මුහුදු වැල්ලේ හාට් ඇද ඇද ඉනටත් අත් දෙක තියන් අහස දිහයි පොලොව දිහයි මුහුද දිහයි බල බල කල්පනා කරන ජොඑල්ව
"පුතාට තමයි මේ ලෝකේ ඉන්න ලස්සනම , කඩවසම්ම , ටිකක් විතර අහිංසක පපා ඉන්නේ පුතා එක දන්නවා නේද ? "
කොල්ලා ගාවින්ම බිම ඉද ගත්ත නුරායු කොල්ලව උකුලට අරන් කොල්ලගේ බෝල කම්මුලකට හාදුවක් තිබ්බේ කොල්ලගේ සුවදින් මුලු පපුවම පුරව ගන්න ගමන්
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...