89- පළිඟු දිඟහැරුම ♡

2.2K 202 392
                                    

දොර ඇරපන් !"

සෙවන් ස්ටාර් හොටෙල් එකක් කියන්න පුලුවන් හොටෙල් එකක උඩ තට්ටුවේ එක කාමරයක් ඉස්සරහට ඇවිල්ලා හිට ගත්තේ සම්පූර්න මූනම වෙස් මූනකින් වහගත්ත උස ශක්තිමත් පිරිමියෙක් ...

"ගෝඩ් සන් "

ආරක්ශක නිලධාරින් කියලා හදුන්වන්න පුලුවන් කලු ඇදගත්ත කොල්ලෝ දෙන්නා දන ගැහුවේ අනික් කොල්ලා කාමරේ දොර අරිද්දි

"දේ....ව්... ඩොන් !"

එළියේ තත්වේ හාන් කවිසියක් වත් නොදන්න නෆ්‍රාස් රෑ දොලහට දියමන්ති වෙන්දේසියට යන්න අදින්න සුදු ශර්ට් එකක් තෝරන ගමන් හිටියේ හැබැයි වැදුන කම්මුල් පාරේ සැරට කවුච් එකත් කඩාගෙන බිමට වැටුණේ නෆ්‍රාස්ගේ ඇස් ගැස්සිලා යද්දි

"මම උබට මොකක්ද මිනිහෝ කිව්වේ ... ! "

"ඩ්...ඩොන් "

"මම අහන්නේ තොට මොකක්ද මම කිව්වේ කියලා "

ජනෙල් කුඩු වෙලා යන්න පුලුවන් සද්දෙකින් කෑ ගහපු ශෙහාන් බිම වැටිලා හිටිය නෆ්‍රාස්ගේ අත දාගෙන ඉන්න සපත්තුවෙන්ම පෑගුවේ පාලනයක් නැති ආවේගේ නිසා

හැබැයි නෆ්‍රාස් නෙමේ වචනයක් කිව්වේ ... එකක් මේ එයාගේ ලොක්කා ... එයාව අභිබවා ගිහින් එයා කරේ වැරැද්දක් කොට දැන් මෙතන තමන්ව මැරුවත් නෆ්‍රාස්ට නෙමේ කටක් හොල්ලන්න පුලුවන්

"කියපන් යකෝ උබ මොකාගේ හයියක් අරන්ද මටත් නොකිය මේ ගමන ආවේ !"

"සමාවෙන්න ඩොන් ... ඒත් මගේ වගකීම ඔබතුමාව ආරක්ශා කරන එක .. ඉතින් මට නැති වෙන්න දෙයකුත් නැති එකේ ඔයා වෙනුවට මම ආවා කියලා වරදක් වෙන්නෑ නේ ... මම අද මැරුනත් බඩු ටික ලංකාවට බැව්........ "

චාටස්ස්ස්ස්

"තෝව තොගේ මහ මිනිහා ඇහේ මූනේ තියන් හැදුවේ බල්ලෙක් වගේ මැරිලා යන්නද යකෝ !"

දෙවනි පාරටත් විසි වෙලා යන්න කම්මුල් පාරක් කාපු නෆාර් බිමම හාන්සි උනේ කට ඇතුලෙන් එන මලකඩ රහට මූන ඇඹුල් කරගන්න ගමන්

" ඇයි ආවේ "

"උබද ලොක්කා මමද ලොක්කා ... උබට මෙහෙම මගෙන් ප්‍රශ්න කරන්න අයිතියක් නෑ කතීර් ...."

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now